ලංකාවේ පවුල් 45%ක් මූල්‍යාධාර අපේක්ෂා වෙන්

  කොවිඩ් අර්බුදය හේතුවෙන් මෙරට පවුල් 64%ක ආදායම්වලට සෘජු බලපෑම් එල්ල කර ඇති බවත් පවුල් 7%කට මුළුමනින්ම ආදායම් අහිමිවී ඇති බවත්, රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍රපති හා සමාජ විද්‍යාපීඨය ඉදිරිපත් කළ පර්‌යේෂණ වාර්තාවක් අනාවරණය කරයි. එම වාර්තාවට අනුව මෙරට පවුල්වලින් 45%ක්ම ණය ආපසු ගෙවීම, උකස් කරන ලද රන්භාණ්ඩ බේරා ගැනීම, හිඟ ණය ශේෂයන් සහ වෙනත් බිල්පත්…

කෝවිඩ් ආසාදිතයින් අද එකතුව 510 යි ; පොකුර 10,447 යි

වත්මන් කොවිඩ් 19 පොකුරට අද දවස තුළ අලුති එකතු වූ ආසාදිතයින් සංඛ්‍යාව 510 කි . අද සවස වනවිට ආසාදිතයින් 283ක් වාර්තා වී තිබු අතර මීට සුළු මොහොතකට පෙර තවත් 227 ක් වාර්තා වීය. ඒ අනුව , කොවිඩ් පොකුරේ සංඛ්‍යාව 10,447 ක් දක්වා ඉහල ගියේ ය හුදෙකලාකිරීම් හා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ ද ආසාදිතයින් හමුවීම පාලනය…

කොවිඩ් පොකුර 10,000 පන්නයි; හඳුනානොගත් රෝගීන් රටපුරා සිටින බවට සාක්ෂි

කොවිඩ් පොකුර 10,000 පන්නයි; හඳුනානොගත් රෝගීන් රටපුරා සිටින බවට සාක්ෂි

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්ලෙන් මතු වූ කොවිඩ් පොකුර අද මේ වනවිට 10,000සේ කඩඉම පසු කළේය.මේ වනවිට මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් 10,220ක් වාර්තා වී තිබේ ඒ අද මේ වනවිට වාර්තා වූ ආසාදිතයි 283 දෙන සමග ය. එමෙන්ම පසුගිය ඔක්තෝබර් 03වනදා සිට මේ දක්වා ගතවූ කාලය තුළ මිනුවන්ගොඩ පොකුරෙන් හමුවූ ආසාදිතයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. පෑලියගොඩ මත්ස්‍ය…

35 වන කොවිඩ් මරණය වාර්තා වෙයි; ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මියගිහින්

මෙරට 35 වන කොවිඩ් මරණය වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කරයි මෙසේ මිය ගොස් ඇත්තේ 78 වයසැති පිරිමි පුද්ගලයෙකි ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ දී මියගොස් සිට ඇත පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගෙන ඇති අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් 19 සමඟ ඇති වූ හෘදයාබාදයක් බව වාර්තා…

ඇඳිරි නීතිය ඉවත් කළත් පොලිස් වසම් 24ක් හුදෙකලා තත්වයට – හමුදාපති

හෙට (09) උදෑසන බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම පනවා තිබුණු නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කෙරෙන නමුත් එම ප්‍රදේශ තුළ පවතින පොලිස් වසම් ගණනාවක් හුදෙකලා තත්වයට පත් කෙරෙන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි”බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය හෙට ඉවත් කරනු ලබනවා. බස්නාහිර පළාතේ පමණක් නොවෙයි අපි වෙනත් ප්‍රදේශ කිහිපයකත් නිරෝධායන ඇඳිරි නීතිය යොදවා තිබෙනවා….

අදත් කොවිඩ් ආසාදිතයින් 445 ක්

අද දිනයේත් කොවිඩ් 19 ආසාදිතයින් 445ක් අලුතින් සොයාගත් බව රජය නිවේදනය කරයි. රජය කියන්නේ මේ සියලුදෙනා පෑලියගොඩ පොකුරට සම්බන්ධ බවයි. කෙසේ වෙතත් ,අහඹු පරීක්ෂණවලින් රෝගීන් හමුවීම සහ වෙනත් රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් අතරින් ද ආසාදිතයින් හමු වී ඇත. රජය කියන්නේ එසේ හමුවන සියලු දෙනා  ද පොකුරට සම්බන්ධ බව යි.

තවත් කොරෝනා ආසාදිතයෝ 04ක් අද මිය යති ; දෙදෙනෙකු නිවෙස්වල දී මියගිහින්

  කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තවත් මරණ 04ක් අද දිනයේ සිදුව ඇති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්  සදහන් කරයි. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 34කි. අද දිනයේ මරණයට පත් වූ පුද්ගලයන්ගේ විස්තර මෙසේය. මාලිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක් සිය නිවසේදී මිය ගොස් ඇත. ඇය කලක් තිස්සේ හෘදයාබාදයකින් පෙලී ඇත….

ජෝ බයිඩන් ඇමෙරිකානු ජනාධිපතිවරණය ජයගත් බව සී එන් එන් පුවත් සේවය නිවේදනය කරයි

  ඇමෙරිකානු ගනධිපතිවරණයෙන් ජෝ බයිඩන් ජයගෙන ඇති බව සී එන් එන් පුවත් සේවය මීට සුළු මෝහතකට පෙර නිවේදනය කළේය ඒ ඔහු පෙන්සිල්වේනිය ප්‍රාන්තයේ ජය හිමිකර ගැනීමත් සමගයි. ඒ අනුව ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස ජෝ බයිඩන් පත්වනු ඇති අතර උප ජනධිපති ලෙස කමලා හැරිස්  පත්වනු ඇත. පෙන්සිල්වේනියාව ජයගැනීමත් සමග ජෝ බයිඩන්ගේ ඡන්ද විද්යාල ආසන සංඛ්‍යාව 273…

ධවල මන්දිරයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාට කොරෝනා

  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී මාර්ක් මෙඩෝස් හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි ධවල මන්දිර අභ්‍යන්තර වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔහු  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පසුගිය ඉරිදා සහ සඳුදා සංචාරය කර ඇති බවයි. ඒ අතර ධවල මන්දිර මැතිවරණ සාදයටද සහභාගී වී ඇති අතර ජනාධිපතිවරයාගේ පවුලේ…

පොලීසියේ 358 කට කොරෝනා ;

මේ වනවිට රට පුරා පොලිස් නිලධාරීන් 358 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. එමෙන්ම පොලිස් නිලධාරීන් 250කට අධික පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර තවත් නිලධාරීන් 1,500කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

30වැනි කොවිඩ් මරණය – මෝදර ප්‍රදේශයේ තරුණයෙක් 

ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 30වැනි කොවිඩ් -19 මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඊයේ දින මියගොස්  ඇති එම රෝගියා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයෙන් ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි මෝදර, කොළඹ 15 ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙකි. මෙම මරණයට හේතුව ලෙස අදාළ රෝගියා දියවැඩියා රෝගයේ සංකූලතා සමඟ කොවිඩ්…

කොවිඩ් ආසාධිතයින් 400 ක් අදත් ; පොකුර 9492 ට නගී

අද දිනයේ ද නව කොවිඩ් ආසාදිතයින් 400ක් සොයාගනු ලැබ ඇත. ඒ අනුව වත්මන් කොවිඩ් පොකුරේ රෝගීන් සංඛ්‍යාව 9492 දක්වා ඉහල ගොස් තිබේ.