35 වන කොවිඩ් මරණය වාර්තා වෙයි; ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මියගිහින්
මෙරට 35 වන කොවිඩ් මරණය වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කරයි
මෙසේ මිය ගොස් ඇත්තේ 78 වයසැති පිරිමි පුද්ගලයෙකි
ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ දී මියගොස් සිට ඇත
පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගෙන ඇති අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් 19 සමඟ ඇති වූ හෘදයාබාදයක් බව වාර්තා වෙයි
