කොවිඩ් පොකුර 10,000 පන්නයි; හඳුනානොගත් රෝගීන් රටපුරා සිටින බවට සාක්ෂි

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්ලෙන් මතු වූ කොවිඩ් පොකුර අද මේ වනවිට 10,000සේ කඩඉම පසු කළේය.මේ වනවිට මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් 10,220ක් වාර්තා වී තිබේ ඒ අද මේ වනවිට වාර්තා වූ ආසාදිතයි 283 දෙන සමග ය.
එමෙන්ම පසුගිය ඔක්තෝබර් 03වනදා සිට මේ දක්වා ගතවූ කාලය තුළ මිනුවන්ගොඩ පොකුරෙන් හමුවූ ආසාදිතයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය පදනම් කරගෙන මතුවූ කොවිඩ් පොකුරද මිනුවන්ගොඩ පොකුරටම සම්බන්ධ බවත් මේ දක්වා රටපුරා හමුවූ ආසාදිතයන්ද මිනුවන්ගොඩ පොකුරටම සම්බන්ධ බවත් ආණ්ඩුව සහ සෞඛ්‍ය බලධාරීන් නිරන්තරයෙන් තහවුරු කළේය.
මේ වනවිට මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිත පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් 09 දෙනෙකුම ජීවත්ක්ෂයට පත්ව ඇත්තේ සිය නිවාසවලදීම වීම බරපතළ තත්ත්වයකි .
මෙයින් පෙනී යන්නේ හඳුනා නොගත් රෝගීන් සමාජයේ සිටින බවයි. ඔවුන් අතරින් කවුරුන් හෝ හඳුනාගනු ලබන්නේ මියගිය හොත් හෝ වෙනත් රෝගී තත්ත්වයකට රෝහල් ගත වූ විට ය.
එවිට රජය කරන්නේ ඔවුන් මිනුවන්ගොඩ පොකුරට ගැටගසන ක්‍රමයක් සොයා ගැනීම යි.
