කෝවිඩ් ආසාදිතයින් අද එකතුව 510 යි ; පොකුර 10,447 යි
වත්මන් කොවිඩ් 19 පොකුරට අද දවස තුළ අලුති එකතු වූ ආසාදිතයින් සංඛ්‍යාව 510 කි .
අද සවස වනවිට ආසාදිතයින් 283ක් වාර්තා වී තිබු අතර මීට සුළු මොහොතකට පෙර තවත් 227 ක් වාර්තා වීය.
ඒ අනුව , කොවිඩ් පොකුරේ සංඛ්‍යාව 10,447 ක් දක්වා ඉහල ගියේ ය
හුදෙකලාකිරීම් හා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ ද ආසාදිතයින් හමුවීම පාලනය වී නැති බව මෙයින් පෙනෙන්නට තිබේ.
