අද කොවිඩ් මරණ 36 ක්, නව ආසාදිතයින් 1263 ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ නිවේදන මගින් තවත් කොවිඩ් ආසාදිත මරණ 36 ක් තහවුරු කළ අතර නව ආසාදිතයි 1263 ක් අලුතින් හඳුනාගත බව වාර්තා කොට ඇත. මෙම වාර්තා සමග මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 15,692 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව…

නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇප මත නිදහස්

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ කිසිදු චෝදනාවක් හෝ නඩු විභාගයක් හෝ ඉදරිපත් නොකර වසර දෙකකට වැඩි කලක් රැඳවුම් භාරයේ සහ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අභියාචනාධිකරණයේ ඇප නියෝගය ක්‍රියාත්මක වීමෙන් අද නිදහස ලැබී ය. අභියාචනාධිකරණ නියෝගය ක්‍රියාත්මක කරමින් පුත්තලම මහාධිකරණය ඒ මහතාට රුපියල් ලක්ෂයක ඇප සහ ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් මත…

අනුරාධපුර පොහොට්ටු රැලියට ආ ජනයා අගමැතිගෙන් පොහොර ඉල්ලති

අනුරාධපුර සල්ගාදු පිටියේ අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලියට පැමිණි ජනයා තමන්ට පොහොර ලබාදෙන ලෙස කෑ ගසා  ඉල්ලා සිටි බව වාර්තා වෙයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා රැස්වීම අමතා කතා කරද්දී පොහොර ඉල්ලීම උත්සන්න වී ඇති අතර, පොහොර සහනාධාරය දෙමින් රුපියල් 350 ට පොහොර දුන්නේ තමන් බව අගමැතිතුමා ප්‍රකාශ කොට තිබේ. ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා…

සමහර ප්‍රදේශවල අස්වැන්න වැඩිවෙලා ; හේතුව රසායනික පොහොර යෙදීමයි – කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව   ප්‍රදේශවල මහ කන්නයේ වී අස්වනු මේ වන විට කැපෙමින් පවතින බවත්, අස්වැන්න විවිධ ප්‍රමාණවලින් අඩු වී ඇති අතර ඇතැම් ප්‍රදේශවල අස්වැන්න වැඩි වී ඇති බවත්, එම වැඩි අස්වැන්නට හේතුව ගොවීන් රසායනික පොහොර භාවිතා කිරීම බවත්, කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ ය. සියයට පහ දහය පහළව වශයෙන්  විවිධ ප්‍රමාණවලින් අස්වැන්න …

වසර දෙකක දී රටේ  ණය බර සියයට 25 කින් වැඩිවෙලා – ආචාරය නිශාන් ද මේල්

ශ්‍රී ලංකාවේ ණය බර පසුගිය වසර දෙකක කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට විසි පහක ප්‍රමානයකින් ඉහළ ගොස් ඇති බවත්, එය ඉතිහාසයේ විශාලතම වැඩිවීම බවත්, වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ නිශාන් ද මේල් මහතා ප්‍රකාශ කරයි. වසර දෙකකට පෙර දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 95 ක්ව තිබු ණය බර මේ වන විට පවතින්නේ සියයට 119 ක…

අද කොවිඩ් මරණ 35 ක් නව ආසාදිතයින් 1253 ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් ආසාදිත මරණ 35 ක් අද දිනයේ තහවුරු කළ බවත්, නව කොවිඩ් ආසාදිතයින් 1253 ක් හඳුනාගත බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ වාර්තාවල සඳහන් වෙයි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,656 ක් ලෙස වාර්තා වී ඇත. මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ…

මහ බැංකුව තවත් රත්රන් ටොන් එක හමාරක් ජනවාරියේ විකුණලා

මහ බැංකුව තමන් සතු රන් සංචිතවලින් තවත් ටොන් එක හමාරක ( ටොන් 1.5 ක් ) ජනවාරි මාසයේ විකුණා ඇති බව වාර්තා වෙයි. දෙසැම්බර් මස අවසානයේ තිබු ටොන් 3.1 ක සංචිත ප්‍රමාණය ජනවාරි අවසානයේ සටහන් වී ඇත්තේ ටොන් 1.6 ක් වශයෙනි. ඒ අනුව දෙසැම්බර් අවසානයේ ඩොලර් මිලියන 175 ක් ව තිබු රන් සංචිත වටිනාකම ජනවාරි මස…

අද කොවිඩ් වාර්තා ; මරණ 26 යි, නව ආසාදිතයින් 1298 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අද නිකුත් කරන ලද නිවේදන අනුව කොවිඩ් මරණ 26 ක් අද දින තහවුරු කොට ඇති අතර දිනය තුළ හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1298 කි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ 15,621 ක් වශයෙනි. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ්…

සිහින මාලිගවලින් බිමට බහින්නැයි එජාපය ආණ්ඩුවෙන් ඉල්ලයි

සිහින මාලිගාවල නොසිට මහ පොළොවට බසින ලෙසත්, සුපිරි වෙළෙඳසල්වලට ගොස් රාක්කවල ඇති කාබනික ආහාරවල  අධික මිල ගණන් පරීක්ෂා කර බලන ලෙසත්, බහුතර ජනතාවට එම මිල ගණන් දැරිය නොහැකි බව අවබෝධ කර ගන්නා ලෙසත් එජාප සභාපති හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා රජයේ ඇමැතිවරුන්ගෙන් ඊයේ ඉල්ලා සිටියේය. “මෙයින් අදහස් කරන්නේ බහුතර ජනතාවට කාබනික කෘෂිකර්මාන්තයෙන් පමණක් යැපීමට නොහැකි…

කොවිඩ් නොතකා පාර්ලිමේන්තුව දිගට ම රැස්වන තීරණයක්

මැති ඇමතිවරුන් ගණනාවකට සහ කතානායක තුමාට කොවිඩ් වැළඳී ඇතත්, මේ සතියේ ඉදිරි දින හතර ම, කලින් යොදාගත් පරිදි පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට අද පැවති පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කොට තිබේ. මෙම තීරණය ගත් රැස්වීමට කථානායකතුමා, අගමැතිතුමා සහ විපක්ෂනායකතුමා යන තිදෙනා ම සහභාගී වී නොසිටි බව ද වාර්තා වෙයි. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට කොවිඩ්…

අර්බුදය පිළිගෙන ජනතාවට තිත්ත ඇත්ත කිව යුතුයි – බලශක්ති ඇමති උදය ගම්මන්පිල

අද මෙරටේ පවතින අර්බුදයට හේතුව කොවිඩ්  යයි තමා නොපිළිගන්නා බවත්, ණය උගුල නිසා ඇති වූ මෙම ප්‍රශ්නයෙන් ගොඩයාමට නම් පළමුවෙන් ම ප්‍රශ්නය පිළිගෙන ජනතාවට තිත්ත ඇත්ත කිවයුතු බවත් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි. ප්‍රශ්නය ඇති වුයේ කොවිඩ් නිසා නම් කෙටිකාලීන ණය ගෙන ප්‍රශ්නයට මුහුණ දිය හැකි බවත්, එසේ වුව ද දැන් පවතින්නේ එබඳු…

සිමෙන්ති හිගයෙන් පාලම 9800 ක් වැඩ නැවතිලා

දැනට වෙළෙඳපොළේ පවතින සිමෙන්ති හිගය සහ අධික මිල නිසා ග්‍රාමීය පාලම 9800 ක වැඩ නැවතී ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි මහතා ප්‍රකාශ කරයි. රජය ආරම්භ කළ පාලම 10,000 වැඩ සටහනේ පාලම් 200 ක වැඩ පසුගිය වසරේ අවසන් කළ අතර අනෙක් පාලම්වල වැඩ නැවතී ඇත්තේ අධික මිලට සිමෙන්ති ලබාගෙන එම ඉදිකිරීම්…