අද කොවිඩ් මරණ 35 ක් නව ආසාදිතයින් 1253 ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් ආසාදිත මරණ 35 ක් අද දිනයේ තහවුරු කළ බවත්, නව කොවිඩ් ආසාදිතයින් 1253 ක් හඳුනාගත බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ වාර්තාවල සඳහන් වෙයි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,656 ක් ලෙස වාර්තා වී ඇත.

මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 621,985 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *