රට බංකොලොත් බව ප්‍රකාශ කිරීමේ වගකීම භාරගෙන රජය ජනතාවගෙන් සමාව ගත යුතුයි – එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

මේ වන විට ණය ගෙවීමට නොහැකි ලෙස රට බංකොලොත් වී ඇති බව ප්‍රකාශ කිරීම ගැන වගකීම රජය භාරගත යුතු බවත්, රජය ජනතාවගෙන් සමාව ගත යුතු බවත්, එකසත්  ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. රට බංකොලොත් බව ප්‍රකාශ කිරීමට මුදල් ඇමතිවරයා ක්‍රියා කරන තෙක් රජය කළේ කුමක්දැයි ප්‍රශ්න කළ වික්‍රමසිංහ මහතා මෙම…

ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ ඉන්නේ 108 යි ; 113 හදාගන්න බිලි බාන්න හදනවා – ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර

ආණ්ඩුවට බහුතරය ඇතැයි ප්‍රචාරය කළ ද , ඔවුන්ට පාර්ලිමේන්තුවේ මේ වන විට සිටින්නේ මන්ත්‍රීවරුන් 108 දෙනකු පමණක් බවත්, තනතුරු දොළ පිදේනි  දෙමින් මන්ත්‍රීවරුන් බිලිබාන්න හදන්නේ 113 හදා ගැනීමට බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි. විවිධ ඇමතිකම්  සහ තවත් බොහෝ දේ පොරොන්දු වෙමින් ඔවුන් මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමට උත්සහ දරන…

ශාන්‍තට දුන් තනතුර අහෝසි කරන තුරු ජනපති සමඟ සාකච්ඡා නෑ – ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ

  ශාන්ත බණ්ඩාර මහතාට ලබාදුන් රාජ්‍ය අමාත්‍යධූරය අහෝසි කරන තුරු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවන්ට සහභාගී නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමේ උත්සාහයක යෙදී සිටින බව වීරවංශ මහතා සඳහන් කළේය. ඔහු මේ බව පැවසුවේ…

ගෝටා තවමත් බැසිල්ගේ අල්ලේ නැටවෙන රූකඩයක් ලු !

රට තුලින් සහ ආණ්ඩුව ඇතුළෙන් මතු වූ බරපතළ විරෝධය නිසා බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති ධුරයෙන් ඉවත් කළ ද , ජානාධිපති ගොටාභය රාජපක්ෂ මහතා තවමත් ක්‍රියා කරන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ අල්ලේ නැටවෙන රූකඩයක් ලෙස බව පෙනෙන්නට ඇතැයි ආණ්ඩුවෙන් ඉවත් වූ කැරලිකාර කණ්ඩායමේ උදවිය කියති. එහි නවතම උදාහරණය ලෙස ඔවුන් කියන්නේ රාජ්‍ය ඇමති තනතුරක් සහ වෙනත්…

ගෝටාට පක්ෂ උද්ඝෝෂණ උත්සන්න බැරි වෙයි !

  ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ දිගට ම සිටිය යුතු යැයි කියමින් රට පුරා උද්ඝෝෂණ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කර තිබු සැලසුම් ප්‍රමාණවත් ජන සහභාගීත්වයක් නොමැති නිසා සහ ඇතැම් තැන්වල මහජන විරෝධතා මතුවීම නිසා අතරමග අතහැර දමන්නට සිදු වී ඇති බව වාර්තා වෙයි. සංඝයා වහන්සේලා පිරිසක් පෙරටු කොට ගෙන ගාලු මුවදොර පිටිය දක්වා…

තවත් කොවිඩ් ආසාදිතයෝ හැටක් අද හඳුනා ගැනෙති

තවත් කොවිඩ් ආසාදිතයින් හැට දෙනෙකු අද දිනය තුළ හඳුනාගනු ලැබූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කරයි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට වාර්තා වී ඇත්තේ 662,717 ක් වශයෙනි.

ආණ්ඩුව ශාන්ත බණ්ඩාර බෑම ගැන ශ්‍රීලනිප කුපිත වෙයි ; රජය සමග කිසිදු සාකච්ඡාවකට නොයන්න තීන්දු කරයි

තම පක්ෂයේ මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය ඇමතිකමක් දී රජයට එක්කර ගැනීම ගැන තම බලවත් කෝපය ප්‍රකාශ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජය සමග කරන සියලු සාකච්ඡා නතර කරන බව ප්‍රකාශ කරයි. පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේ මින් ඉදිරියට රජය සමග කිසිදු ගනුදෙනුවක් නැති බවයි. රජයට ඉල්ලීම් ඉදිරිපත් කිරීම හෝ ලිපි යැවීමද නොකරන බව…

ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීම් අත් හිටුවීමට තීරණය කරයි

ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීම් අත් හිටුවීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කොට ඇත. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරුන් මේ බව අද නිවේදනය කළේය. අත්‍යවශ්‍ය ආහාර සහ භාණ්ඩ ගෙන්වීමට සහ ණය ගෙවීමට ප්‍රමාණවත් මුදලක් රටට නොලැබෙන නිසා වීදේශ ණය ප්‍රතිව්යිහගත කර ගැනීමේ මුල් පියවර ලෙස මෙම පියවර ගත් බව…

කැරලිකාර කණ්ඩායම ජනපති හමුවීම ප්‍රතික්ෂේප කරයි

  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (12) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව  වර්ජනය කිරීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත. ස්වාධීන කණ්ඩායම නියෝජනය කළ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා ආණ්ඩුවට ගෙන රාජ්‍ය අමාත්‍යධුරයක්  ලබාදීමට විරෝධය පළ කරමින් අද සාකච්ඡාව වර්ජනය කරන බව ස්වාධීන මන්ත්‍රී  කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය. ජනාධිපතිවරයා සහ ස්වාධීන මන්ත්‍රී …

සජිත්ගේ දෝෂාභියෝගයට කැරලිකාරයෝ බැහැ කියති ; ජනාධිපති බලය ඉවත් කරන්න සංශෝධනයක් !

ජනාධිපතිවරයාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කරන දෝෂාභියෝගයට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කොට ඇති අතර ජනාධිපති බලය තහවුරු කළ 20 වැනි සංශෝධනය ඉවත් කොට පාර්ලිමේන්තුවට බලය ගැනීම සඳහා සංශෝධනයක් වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කොට තිබේ. ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ 11 ඇතුළු 41 කණ්ඩායම මෙම තීරණයට එළඹ ඇති බව…

දෛනික කොවිඩ් ආසාදීත සංඛ්‍යාව 33 ට බසී

මෙරටින් දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ඊයේ (10) දිනය වන විට 33 දක්වා පහළ බස ඇති බව සෛඛ්‍ය සේවා ආරංචි මාර්ග කියයි. පෙරේදා (09) වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 54 කි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 662,592 වශයෙන් සටහන් වී ඇත.

අන්තර් වාර ආණ්ඩුවකට සහය දෙන්න ආණ්ඩුවෙන් තව පිරිසක් එති !

පාර්ලිමේන්තුව සියලු පක්ෂවලින් හෝ ප්‍රධාන පක්ෂ වල සහභාගීත්වයෙන් හෝ පිහිටුවන අන්තර් වාර ආණ්ඩුවකට සහය දීමට පසුගියදා ස්වාධින වූ කණ්ඩායමේ නොවන ආණ්ඩුවේ තවත් මන්ත්‍රී පිරිසක්  කැමැත්ත පළ කොට ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි. තමන්ට පිළිගත හැකි නායකත්වයකින් සහ පක්ෂ බහුතරයක සහභාගීත්වයෙන් ගොඩ නගන අන්තර් වාර පාලනයකට සහය දෙන බව එම මන්ත්‍රීවරුන්  ප්‍රකාශ කොට…