ආණ්ඩුව ශාන්ත බණ්ඩාර බෑම ගැන ශ්‍රීලනිප කුපිත වෙයි ; රජය සමග කිසිදු සාකච්ඡාවකට නොයන්න තීන්දු කරයි

තම පක්ෂයේ මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය ඇමතිකමක් දී රජයට එක්කර ගැනීම ගැන තම බලවත් කෝපය ප්‍රකාශ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජය සමග කරන සියලු සාකච්ඡා නතර කරන බව ප්‍රකාශ කරයි.

පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේ මින් ඉදිරියට රජය සමග කිසිදු ගනුදෙනුවක් නැති බවයි.

රජයට ඉල්ලීම් ඉදිරිපත් කිරීම හෝ ලිපි යැවීමද නොකරන බව පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

මේ අතර පක්ෂයේ ඔහු දැරූ සියලු තනතුරුවලින් ශාන්ත බණ්ඩාර මහතා ඉවත් කිරීමට ද ශ්‍රීලනිපය තීරණය කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *