ගෝටා තවමත් බැසිල්ගේ අල්ලේ නැටවෙන රූකඩයක් ලු !

රට තුලින් සහ ආණ්ඩුව ඇතුළෙන් මතු වූ බරපතළ විරෝධය නිසා බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති ධුරයෙන් ඉවත් කළ ද , ජානාධිපති ගොටාභය රාජපක්ෂ මහතා තවමත් ක්‍රියා කරන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ අල්ලේ නැටවෙන රූකඩයක් ලෙස බව පෙනෙන්නට ඇතැයි ආණ්ඩුවෙන් ඉවත් වූ කැරලිකාර කණ්ඩායමේ උදවිය කියති.

එහි නවතම උදාහරණය ලෙස ඔවුන් කියන්නේ රාජ්‍ය ඇමති තනතුරක් සහ වෙනත් අල්ලස් ලබා දෙමින් ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා බිලි බා ගැනීමට කටයුතු කිරීම යි. මෙය බැසිල් රාජපක්ෂ මහතා කළ ගනුදෙනුවක ප්‍රතිඵලයක් බව කියති.

මීට පෙර ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධිනවීමට එකඟ වී සිටි රොෂාන් රණසිංහ, අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරුන් ද මෙලෙස ම මිල දී ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා ක්‍රියා කළේය.

එමෙන් ම, ආණ්ඩුවේ බහුතරය පෙන්වීමට මුස්ලිම් පක්ෂවලින් මන්ත්‍රීවරුන් මිල දී ගැනීමට ද බැසිල් රාජපක්ෂ මහතා ක්‍රියා කළේය.

ගොටාභය රාජපක්ෂ මහතා ද දැන් ක්‍රියාත්මක වන්නේ බැසිල් රාජපක්ෂගේ එම වැඩ පිළිවෙළ අනුව ය.

අනෙක් රාජපක්ෂවරුන් එසේ කළ ද ගොටාභය රාජපක්ෂ මහතා එසේ නොකරනු ඇතැයි තමන් මෙතෙක් විශ්වාස කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *