ගෝටාට පක්ෂ උද්ඝෝෂණ උත්සන්න බැරි වෙයි !

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ දිගට ම සිටිය යුතු යැයි කියමින් රට පුරා උද්ඝෝෂණ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කර තිබු සැලසුම් ප්‍රමාණවත් ජන සහභාගීත්වයක් නොමැති නිසා සහ ඇතැම් තැන්වල මහජන විරෝධතා මතුවීම නිසා අතරමග අතහැර දමන්නට සිදු වී ඇති බව වාර්තා වෙයි.
සංඝයා වහන්සේලා පිරිසක් පෙරටු කොට ගෙන ගාලු මුවදොර පිටිය දක්වා යාමට කොළඹ නෙලුම් පොකුණ අසලින් අද උදේ ආරම්භ කළ විරෝධතා පා ගමන ප්‍රමාණවත් සහභාගීත්වයක් නොමැති වීමෙන් විහාර මහා දේවී උද්‍යානය අසලින් අවසන් කොට ඇත.
අද දින රඹුක්කන නගරයේ ආරම්භ වූ විරෝධය ද ජනතා විරෝධය මද අවසන් කෙරුණි.
ඊයේ හලාවත නගරයේ පවතී විරෝධතාවයට ද විරෝධයක් එල්ල වීය . අනුරාධපුරයේ විරෝධතාවයට ප්‍රමාණවත් සහභාගීත්වයක් නොවීම සහ ජනතා විරෝධය නිසා ඉක්මනින් අවසන් කරනු ලැබීය.
මේ අතර ගාලු මුවදොර පැවැත්වෙන GOHOMEGOTA විරෝධතාවයට දිනෙන් දින විවිධ පිරිස් එක්වෙමින් පවතියි.
