ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ ඉන්නේ 108 යි ; 113 හදාගන්න බිලි බාන්න හදනවා – ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර

ආණ්ඩුවට බහුතරය ඇතැයි ප්‍රචාරය කළ ද , ඔවුන්ට පාර්ලිමේන්තුවේ මේ වන විට සිටින්නේ මන්ත්‍රීවරුන් 108 දෙනකු පමණක් බවත්, තනතුරු දොළ පිදේනි දෙමින් මන්ත්‍රීවරුන් බිලිබාන්න හදන්නේ 113 හදා ගැනීමට බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි.
විවිධ ඇමතිකම් සහ තවත් බොහෝ දේ පොරොන්දු වෙමින් ඔවුන් මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමට උත්සහ දරන බවත්, නිමල් සිරිපාල ද සිල්වා මහතාට සෞඛ්‍ය ඇමතිකම ලබාදීමට පොරොන්දු වී ඇති බවත්, ඒ මහතා එයට එකඟ නොවූ බවත්, ජයසේකර මහතා කියයි.
ආණ්ඩුවෙන් ඉවත් වූ කණ්ඩායම අද පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ජයසේකර මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා වට කරගත් තිදෙනකු මෙම කටයුතු මෙහෙයවමින් සිටින බවයි.
ඒ තිදෙනා කවුදැයි කළ විමසුමකට පිළිතුරු දෙමින් විමල් වීරවංශ මහතා කීවේ ඒ තිදෙනා නම් ජොන්ස්ටන් ප්‍රනාන්දු , මහින්දානන්ද අලුත්ගමගේ, සහ රෝහිත අබේගුණවර්ධන බවයි.
බැසිල් රාජපක්ෂ මහතා තනතුරින් ඉවත් කළ ද , පිටුපස සිට සියල්ල මෙහෙයවමින් යළි බලය ගන්නට උත්සාහයක නියලී සිටින බව ද එහි දී ප්‍රකාශ වී ය.
පාරවල් වලින් ගසා කෑ මුදල් යොදාගෙන මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමට උත්සාහක් ඇති බව ද , දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසීය.
