ඩයනාට රට යන්න අවසර

  ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන සිද්ධියට අදාළව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ විදෙස් ගමන් තහනම දින පහකට ඉවත් කල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඇයට  විදේශ ගතවීමට අද (15) අවසර දුන්නේය. තම සේවාදායිකාවට සිංගප්පූරුවේ සහ යුරෝපයේ සංචාරයක් සඳහා ආරාධනා ලැබී ඇති බැවින් තහනම් කර ඇති විදෙස්…

බිත්තර මිල පාලන ගැස්ට්ටුව අධිකරණයෙන් අත්හිටුවයි

  බිත්තර මිල පාලනයට පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා බිත්තර නිෂ්පාදකයින් ඉදිරිපත් කොට තිබු පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළ අභියාචනාධිකරණය නඩු විභාගය අවසන් වන තෙක් අදාළ ගැසට් නිවේදනය අත්හිටුවීමට අද නියෝග කළේය. මෙම පෙත්සම පෙර  දින විභාගයට ගත් අවස්ථාවේ අධිකරණය දුන් උපදෙස් අනුව  පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඉදිරිපත්…

අයි එම් එෆ් වැඩ සටහනට සියලු පක්ෂවල අනුමැතිය අවශ්‍යයි – ජනාධිපති ර්සව පාක්ෂික සමුළුවේ දී කියයි

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ජාත්‍යන්තර ආධාර ආයතන සමග ඇතිකර ගැනීමට යන වසර හතරක වැඩ පිළිවෙල සඳහා සියලු පක්ෂවල අනුමැතිය අවශ්‍ය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා පැවති ර්සව පාක්ෂික සමුළුව අමතා ප්‍රකාශ කළේය. ආණ්ඩුව ලෙස ගන්න පියවර මේ වනවිටත් එම ආයතන වෙත වාර්තාවක් මගින් ලබා දී ඇති බවත්, එසේ වුව ද වසර හතරක්…

කොහොම හරි ගොඩදමනවා – ජනපති ලොකු විශ්වාසයකින්

    රට බංකොළොත්භාවයෙන් ගොඩගැනීමට තමා නිසැකවම කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ණය බරින් නිදහස් වූ මෙන්ම ණය ගෙවීමට හැකි ආර්ථිකයක් ගොඩනඟන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ජපන් සබඳතාවලට 70 වසරක් සපිරීමට සමගාමීව ටොයෝටා ලංකා සමාගම කඩවත ප්‍රදේශයේ ඉදිකළ මෝටර් රථ අමතර කොටස් සැපයුම් මධ්‍යස්ථානය විවෘත…

ඩයනාගෙන් කාදිනල් හිමිට සැර උත්තරයක් (වීඩියෝ)

කාදිනල් හිමියන් පවසන පරිදි තමන් පරංගියෙකු නොවන බවත්, තමා හොඳ බෞද්ධ කුල කාන්තාවක් බවත් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසන්නීය. පසුගියදා කාදිනල් හිමියන් පැවසූ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඇය ඒ බව සඳහන් කළාය. රට තුළ කංසා නීතිගත කිරීම, නයිට් ලයිෆ් කැසිනෝ සම්බන්ධයෙන් ද අදහස් පළ කළේ තමන් පමණක් වන හෙයින්, එදා පරංගියා යැයි කාදිනල් හිමියන් නොකියා පැවසුවේ…

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

වෛද්‍යවරුන් අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව විශේෂඥ වෛද්‍ය නිලධාරී, රජයේ වෛද්‍ය නිලධාරී, දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරී, රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරී යන තනතුරුවල…

පොහොට්ටුවේ ඇමැති ඉල්ලීම දොළහෙන් පහට බසී

  ඇමැති මණ්ඩලයේ පුරප්පාඩු ඇති ඇමති ධුර දොළහ සඳහා තම පක්ෂයෙන් දොළොස් දෙනෙකු පත්කළ යුතු බව මුලින් ඉල්ලා සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට ඇමති ධුර පහක් පමණක් ඉල්ලා සිටින බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි. ඉතිරි ඇමතිවරුන් හත් දෙනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැමැත්ත පරිදි පත්කර ගැනීමට ඉඩ ලබා දීමට එම පක්ෂය…

මහ සමුළුව අසාර්ථක වීමෙන් සජබය තුළ ගැටුම් උග්‍රවෙයි

  පසුගිය 11 දා ,ඉරිදා කොළඹ කැම්බල් පිටියේ දී පවත්වනු ලැබූ සමගි ජන බලවේගයේ මහ සමුළුවට බලාපොරොත්තු වූ තරම් සෙනගක් සහභාගී කරගත නොහැකි වීමත්, සමුළුව අවසන්වීමට පෙර පිරිස විසිර ගොස් එය කඩා කප්පල් වීමත් නිසා එම පක්ෂය තුළ මතභේද උග්‍ර වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග කියයි. මෙම සමුළුවට විශාල සෙනගක් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වූ අතර…

ලබන වසරේ ආර්ථිකයට ඩොලර් බිලියන 8ක් – විදේශ ඇමැති අලි සබ්‍රී

ලබන වසරේදී බහු පාර්ශ්වික නියෝජිත ආයතනවලින් ඩොලර් බිලියන 5ක ණය මුදලක් අපේක්ෂා කරන බව විදේශ අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා පවසයි. රොයිටර් පුවත් සේවය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එළඹෙන වසරේ දී රාජ්‍ය අංශයේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ඩොලර් බිලියන 3ක ප්‍රමාණයක් එක්රැස් කළ හැකි බවය. අද දෙරණ

අපේ ආර්ථිකය ත්‍රීවිල් එකක් වගේ -ජනපති

යුද්ධයෙන් පසුව ආර්ථිකය වෙනස් නොකිරීම හේතුවෙන් අද රට බංකොළොත් තත්ත්වයට පත්ව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (14) කඩවත ප්‍රදේශයේ පැවති ටොයොටා ආයතනයේ උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. කෙසේ හෝ ආයෝජන අවස්ථා වැඩිකර ලබන වසර වනවිට ආර්ථිකය ඉදිරියට ගෙනයෑමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා මෙහිදි පැවසීය. “අද වියට්නාමයේ ආර්ථිකය ෆෝමියුලා වන් රේසින්…

ජනපති කැඳවූ සර්ව පාක්ෂික සමුළුවේදී එකඟතාවයක්

ජාතික සංහිඳියාව ඇති කළ හැකිදැයි 75 වන නිදහස් දින සැමරුමට පෙර තමන්ට දැනුම්දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා තිබේ. ජාතික ආරක්ෂාවට හෝ මානව හිමිකම්වලට හානි නොවන අයුරින් ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා අද කැඳවා තිබූ සර්ව පාක්ෂික නියෝජිත හමුවේදී ජනාධිපතිවරයා එම ඉල්ලීම සිදුකර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති…

|

ජනතාව ලක්ෂ ගණනින් පාරට බස්සන්න හැකියාව තිබුනත් එසේ කළේ නැහැ – සජබ මන්ත්‍රී එස් එම් මරික්කාර්

  ආණ්ඩුවට එරහිව ලක්ෂ ගණනක් ජනතාව පාරට බස්සන්න තමන්ට හැකියාව තිබුණ ද වගකිව යුතු විපක්ෂයක් ලෙස තමන් එසේ නොකළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකශ කළේය. සංචාරක කර්මාන්තයට , ආයෝජනවලට ඇතිවිය හැකි බලපෑම සලකා මෙතෙක් ජනතාව පාරට බැස්සවීම නොකළ ද පළාත් පාලන චන්දය කල් බඩුම හොත් ජනතාව…