පොහොට්ටුවේ ඇමැති ඉල්ලීම දොළහෙන් පහට බසී

ඇමැති මණ්ඩලයේ පුරප්පාඩු ඇති ඇමති ධුර දොළහ සඳහා තම පක්ෂයෙන් දොළොස් දෙනෙකු පත්කළ යුතු බව මුලින් ඉල්ලා සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට ඇමති ධුර පහක් පමණක් ඉල්ලා සිටින බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි.
ඉතිරි ඇමතිවරුන් හත් දෙනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැමැත්ත පරිදි පත්කර ගැනීමට ඉඩ ලබා දීමට එම පක්ෂය එකඟ වී තිබේ.
ඇමැති ධුර සඳහා පත් කිරීම් සඳහා තමන් බලපෑම් නොකරන බව බැසිල් රාජපක්ෂ මහතා මෙන් ම නාමල් රාජපක්ෂ මහතා ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට ඇත.
මුල්‍ය අරමුදලේ ණය අනුමත වී මහජනයාට යම් සහනයක් ලැබෙන තෙක් තවත් ඇමතිවරු පත් නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව ද වාර් තා වෙයි.
