මහ සමුළුව අසාර්ථක වීමෙන් සජබය තුළ ගැටුම් උග්‍රවෙයි

පසුගිය 11 දා ,ඉරිදා කොළඹ කැම්බල් පිටියේ දී පවත්වනු ලැබූ සමගි ජන බලවේගයේ මහ සමුළුවට බලාපොරොත්තු වූ තරම් සෙනගක් සහභාගී කරගත නොහැකි වීමත්, සමුළුව අවසන්වීමට පෙර පිරිස විසිර ගොස් එය කඩා කප්පල් වීමත් නිසා එම පක්ෂය තුළ මතභේද උග්‍ර වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග කියයි.
මෙම සමුළුවට විශාල සෙනගක් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වූ අතර එහි සංවිධායකයින් කීවේ ලක්ෂ ගණනක් ජනතාව පැමිණෙනු ඇති බවයි. කෙසේ වෙතත්, එබඳු සෙනගක් නොපැමිණි අතර සංවිධායකයින් කීවේ දහ දාහකට වැඩි පිරිසක් පැමිණි බව වුව ද , වෙනත් නිරීක්ෂකයින් කීවේ සංඛ්‍යාව ඊට වඩා බොහෝ අඩු බවයි.
ඊටත් වඩා බරපතළ කාරණයක් වුයේ කථික ලැයිස්තුව අනුව අවසානයට කතා කිරීමට සිටි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවසන් මොහොතේ එම තීරණය වෙනස් කොට කලින් කතා කිරීම නිසා පිරිස විසිර යාමෙන් සමුළුවේ වැඩ කඩා කප්පල් වීමයි. සෙනග විසිර ගිය නිසා ඇතැම් කථිකයින් කතා කිරීම ප්‍රතික්ෂේප කළ නමුත් තම කතාව කළ සරත් ෆොන්සේකා මහතා කීවේ සමුළුවේ සෙනග නැතත්, අවට අසාගෙන සිටින අයට තම කතා කරන බවයි. කෙසේ වෙතත්, සමුළුව කඩා කප්පල් කිරීම ගැන ඔහු සජිත් ප්‍රේමදාස මහතාට බැන වැදුණු බව වාර් තා වීය.
දේශපාලන ආරංචි මාර්ග කියන්නේ මෙම සිදුවීමෙන් පසු සමගි ජන බලවේගය තුළ මත ගැටුම් උග්‍ර වී ඇති බවයි.
