අයි එම් එෆ් වැඩ සටහනට සියලු පක්ෂවල අනුමැතිය අවශ්‍යයි – ජනාධිපති ර්සව පාක්ෂික සමුළුවේ දී කියයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ජාත්‍යන්තර ආධාර ආයතන සමග ඇතිකර ගැනීමට යන වසර හතරක වැඩ පිළිවෙල සඳහා සියලු පක්ෂවල අනුමැතිය අවශ්‍ය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා පැවති ර්සව පාක්ෂික සමුළුව අමතා ප්‍රකාශ කළේය.
ආණ්ඩුව ලෙස ගන්න පියවර මේ වනවිටත් එම ආයතන වෙත වාර්තාවක් මගින් ලබා දී ඇති බවත්, එසේ වුව ද වසර හතරක් ඉදිරියට කරන වැඩ පිළිවෙළට පාර් ලිමෙන්තුවේ සියලු පක්ෂවල එකඟතාව අවශ්‍ය බව ද ජනාධිපතිවරයා පැවසීය.
ඒ සදහා විශේෂ ජාත්‍යන්තර නියෝජිත පිරිසක් පෙබරවාරි මාසයේ මෙරටට පැමිණෙනු ඇතැයි ද , ඔවුන් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සමග සාකච්ඡා කරනු ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් කී ය.
75 වැනි නිදහස් සමරුව එක් ජාතියක් ලෙස සැමරීම සඳහා ජනවාර් ගීක ප්‍රශ්න විසඳා ගැනීමට ඊට පෙර සම්මුතියක් ඇතිකර ගත යුතු බව ද ඒ මහතා පෙන්වා දුන්නේ ය.
