සියලු වී ගොවීන්ට ඍජු සහනාධාරයක්

  මාස් කන්නයේ වගාව සඳහා සියලු වී ගොවීන්ට සහනාධාර ගෙවීමට රජය පියවර ගන්නා බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව හෙක්ටයාරයක් හෝ ඊට අඩුවෙන් වගාකරන ගොවියකුට රුපියල් 10,000 ක් සහ හෙක්ටය දෙක දක්වා ගොවියකුට රුපියල් 20,000 ක් ලබා දීමට සැලසුම් කොට ඇත. මෙම මුදල ගොවීන්ගේ බැංකු ගිණුම්වලට ලබන සතියේ ලබාදෙන බව ඇමතිවරයා…

පැය 10 ක් විදුලිය කපන කතා බොරු ; ඉංජිනේරු සභාපති ගැන විනය පියවර ගන්නවා – ඇමැති කංචන විජේසේකර

2023 වසරේ සිට දෛනිකව පැය 10ක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවට පළවන වාර්තාවල සත්‍යතාවයක් නොමැති බවත්, අසත්‍ය ප්‍රකාශ කළ විදුලි ඉංජිනේරු සංගම සභාපතිට එරෙහිව විනය පියවර ගැනීමට උපදෙස් දුන් බවත්,  විදුලිබල හා බලශක්ති  අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය. නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මිලදී ගැනීම පමාවීම හේතුවෙන් ජනවාරි මාසයේ සිට…

ආබාධිතයින්ගේ උපකරණවලට බදු ගහන කතාව පට්ටපල් බොරු – මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය

  ආබාධිතයින් භාවිතා කරන භාණ්ඩ සඳහා බදු පැනවීමෙන් එම භාණ්ඩ මිල සියයට 400 කින් මිල ඉහල ගොස් ඇති බවට ගෙනියන ප්‍රචාර සම්පුර්ණයෙන් අසත්‍ය බවත්, එම භාණ්ඩ සියලු බදුවලින් නිදහස් බවත්, මුදල රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි. තීරු බදු, වරාය ගාස්තු, සෙස් බදු, වැට් බදු ආදී බදු සියල්ලෙන් මෙම භාණ්ඩ නිදහස් කොට ඇත.  

සජබ සමුළුවේ දී කැපුණු කථික ලැයිස්තුව සරත් ෆොන්සේකා හෙළිකරයි

  පසුගිය දා පැවති සමගි ජන බලවේගයේ ජාතික සමුළුවේ දී සජිත් ප්‍රේමදාස මහතා කලින් කතාකොට සමුළුව විසුරුවා හැරීම නිසා පක්ෂයේ නායකයින් ගණනාවකට කතා කිරීමේ අවස්ථාව අහිමි වූ බව සරත් ෆොන්සේකා මහතා කියයි. කබීර් හෂීම්, තලතා අතුකෝරාල, හෙක්ටර් අප්පුහාමි, හේෂා විතානගේ මහවරුන්ට එහි දී කැපිල්ලක් සිදු වූ බවත්, එය කථික ලැයිස්තුව සකස් කිරීමේ දී කළ වරදක්…

නිසි කලට මැතිවරණ තියනවා – හිටපු ඇමති නවීන් දිසානායක

ඡන්දය යනු රටේ ජනතාවගේ ස්වර්ණමය අයිතිය බැවින්  ඡන්දය  නිසි කලට වේලාවට පවත්වන බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය. පෙබරවාරි මාසය වෙද්දී ලංකාවෙි මූල්‍ය තත්ත්වය මීට වඩා හොඳ වෙන්නට පුළුවන් බව කී දිසානායක මහතා රටට අවශ්‍ය වී තිබෙන්නේ වෘත්තීයමය දේශපාලනඥයෙක් මෙන්ම රටට ආදරය කරන ර්අබුද   කළමනාකරණය කළ හැකි නායකයෙක් බව ද කීය. ඒ නිසා සමස්ත…

මහ නා හිමි වරුන්ගේ උපදෙස් ලැබෙන තෙක් බෞද්ධ, පාලි සරසවිය වසා දමයි ; නැවත අරින්නේ ප්‍රතිසංවිධානයකින් පසුවයි

  මහ නා හිමි වරුන්ගේ අදහස් විමසා අවශ්‍ය ප්‍රතිසංවිධාන කරන තෙක් බෞද්ධ සහ පාලි විශ්ව විද්‍යාලය වසා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත. නවකවදය දීම ඇතුළු විනය විරෝධී කටයුතු පිළිබඳව එහි සිසුන්ට බරපතළ චෝදනා එල්ල වී ඇති අතර එහි පාලනය භාරව සිටින නායක හිමිවරුන්ට තර්ජන එල්ල කිරීම ගැන ද වාර්තා වී ඇත. විශ්ව විද්‍යාලය තුළ…

සජබ මන්ත්‍රී බුද්ධික පතිරණගේ පනතකට කැබිනට් අනුමැතිය

    සමගි ජන බලවේගයේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති පනතක් සඳහා ඊයේ රැස්වූ කැබිනට්  මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළේය. මෙසේ අනුමැතිය ලබා දී ඇත්තේ වරලත් නැව් තැරව්කරුවන්ගේ ආයතනයක් පිහිටුවීම සඳහා ඉදිරිපත් කොට තිබු පනතක් සඳහා ය. සියලු පක්ෂ සම්බන්ධ කරගත්…

තවත් භාණ්ඩ ර්වග 10ක ආනයන සීමා ඉවතට

      සංචාරක, ආරක්ෂක සහ ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.  සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය ශක්තිජනක පාන, ආවේෂන කැමරා පද්ධති (CCTV) සඳහා අවශ්‍ය උපකරණ, ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය තුනී ලෑලි (MDF) සහ ක්‍රීඩා උපකරණ ඊට අයත් බවත්…

දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සමීපතමයෙකුගේ වැඩක් ! තමන්ගේ ගෙල සිර කළ තැනට දිනේෂ් කිහිප වතාවක්ම ගිහින්!

    ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාව බොරැල්ල සුසාන භූමියට ගෙන්වා ඝාතනය කර ඇත්තේ ඔහු ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ සමීපතමයකුගේ සැලසුමකට අනුව බවට බලවත් සැකයක් මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට මතුවී තිබේ.  බොරැල්ලට යනවා යැයි කියා දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ 07, මල් පාරේ නිවසින් හදිසියේම පිටත්වයාම සහ ඔහුගේ මෝටර් රථය…

රාජ්‍ය ආයතන 52ක් මහජන සල්ලි ගිලියි

    ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන පනස් දෙකක් පාඩු ලබන බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ. මෙම රාජ්‍ය ආයතන වසරකදී ලබන පාඩුව රුපියල් කෝටි 86000ක් බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. එය 2021 වර්ෂයේ සියලුම රාජ්‍ය ආයතන ලැබූ සමස්ත පාඩුව ඉක්මවා යෑමක්ද වෙයි. එසේම රාජ්‍ය…

සාමය පවත්වා ගැනීම රජයේ වගකීමක් ; හමුදාවේ වගකීම රට ආරක්ෂා කිරීමයි – ජනාධිපති රනිල් දියතලාවේ දී කියයි

  ලෝකයේ අනෙකුත් රටවල් සමග සාමකාමී තත්ත්වයක් පවත්වාගෙන යෑම රජයේ වගකීමක් වන බවත්, හමුදාවේ වගකීම වන්නේ රටට එන ඕනෑම අභියෝගයකින් රට ආරක්ෂා කිරීම බවත්, දියතලාව හමුදා පුහුණු කඳවුරේ දී ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වගකීම ඉටු කිරීමට හමුදාව සුදානමින් සිටිය යුතු බව ද ප්‍රකාශ කළේය. රටට බාහිරින් එන තර්ජන වල දී රට ආරක්ෂා…

උපයෝගිතා කොමිසමට පා පහරක් ! විදුලි බිල වැඩි කිරීම කැබිනට තීරණයකින් !!

  මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ඉල්ලීමකින් තොරව කැබිනට අනුමැතියක්  මගින් විදුලි ගාස්තු වැඩි කිරීමට ආණ්ඩුව සැලසුම් කොට ඇති බව වාර් තා වෙයි. නව විදුලි ගාස්තු සම්බන්ධ කැබිනට පත්‍රිකාවක් ඉදිරි කැබිනට් රැස්වීමකට ඉදිරිපත් කිරීමට ඒ අනුව කටයුතු යොදා තිබේ. ජනාධිපතින රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා පාර් ලිමෙන්තුවේ කළ කතාවක දී උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා දැඩි දෝෂ ර්දශනයකට…