මහ නා හිමි වරුන්ගේ උපදෙස් ලැබෙන තෙක් බෞද්ධ, පාලි සරසවිය වසා දමයි ; නැවත අරින්නේ ප්රතිසංවිධානයකින් පසුවයි

මහ නා හිමි වරුන්ගේ අදහස් විමසා අවශ්‍ය ප්රතිසංවිධාන කරන තෙක් බෞද්ධ සහ පාලි විශ්ව විද්‍යාලය වසා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත.
නවකවදය දීම ඇතුළු විනය විරෝධී කටයුතු පිළිබඳව එහි සිසුන්ට බරපතළ චෝදනා එල්ල වී ඇති අතර එහි පාලනය භාරව සිටින නායක හිමිවරුන්ට තර්ජන එල්ල කිරීම ගැන ද වාර්තා වී ඇත.
විශ්ව විද්‍යාලය තුළ බුදුන් වැඳීම ද ශිෂ්‍ය භික්ෂු පිරිසක් විසින් තහනම් කරනු ලැබ තිබිණි.
ඇතැම් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා විභාගවලට පෙනී නොසිට විශ්ව විද්‍යාලයේ දිගටම රැඳී සිටින බවට ද චෝදනා එල්ල වී තිබේ.
බෞද්ධ සහ පාලි විශ්ව විද්‍යාලය අනෙක් විශ්ව විද්‍යාල පද්ධතියෙන් වෙනස් ව වෙනම ආයතනයක් ලෙස පිහිටුවන ලද්දකි. එයට සිසුන් ඇතුළත් කරගැනීම ද සිදු කරන්නේ වෙනස් ක්‍රමවේදයක් අනුව ය.
මහ නා හිමි වරුන්ගේ උපදෙස් අනුව මෙම විශ්ව විද්‍යාල පනත සංශෝධනය කිරීමට රජය බලාපොරොත්තු වෙයි.
