සජබ මන්ත්‍රී බුද්ධික පතිරණගේ පනතකට කැබිනට් අනුමැතිය

 

 

සමගි ජන බලවේගයේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති පනතක් සඳහා ඊයේ රැස්වූ කැබිනට්  මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළේය.

මෙසේ අනුමැතිය ලබා දී ඇත්තේ වරලත් නැව් තැරව්කරුවන්ගේ ආයතනයක් පිහිටුවීම සඳහා ඉදිරිපත් කොට තිබු පනතක් සඳහා ය.

සියලු පක්ෂ සම්බන්ධ කරගත් ආණ්ඩුකරණයක් සඳහා වන වැඩ පිළිවෙළ අනුව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව යහපත් යෝජනා පිළිගෙන ක්‍රියාත්මක කිරීමක් ලෙස ඇමතිවරයා මෙම පියවර විස්තර කළේය.

මෙලෙස කැබිනට් අනුමැතිය හිමි වූ පසුව විපක්ෂ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ පනත ආණ්ඩුවේ පනතක් ලෙස ඉක්මනින් සම්මත කර ගැනීමේ අවස්ථාව හිමිවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *