සජබ සමුළුවේ දී කැපුණු කථික ලැයිස්තුව සරත් ෆොන්සේකා හෙළිකරයි

පසුගිය දා පැවති සමගි ජන බලවේගයේ ජාතික සමුළුවේ දී සජිත් ප්‍රේමදාස මහතා කලින් කතාකොට සමුළුව විසුරුවා හැරීම නිසා පක්ෂයේ නායකයින් ගණනාවකට කතා කිරීමේ අවස්ථාව අහිමි වූ බව සරත් ෆොන්සේකා මහතා කියයි.
කබීර් හෂීම්, තලතා අතුකෝරාල, හෙක්ටර් අප්පුහාමි, හේෂා විතානගේ මහවරුන්ට එහි දී කැපිල්ලක් සිදු වූ බවත්, එය කථික ලැයිස්තුව සකස් කිරීමේ දී කළ වරදක් බවත්, කුහක වැඩක් බවත් ෆොන්සේකා මහතා කියයි.
මෙම ප්රශ්නය නිසා කබීර් හසීම් මහතාගේ කතාව ස්තුති කිරීමකට සීමා කළ අතර තලතා අතුකෝරල මහත්මිය කතා කිරීමට පැමිණියේ නැත. හෙක්ටර් අප්පුහාමි, හේෂා විතානගේ මහත්වරුන්ට ද කතා කිරීමේ අවස්ථා අහිමි වී ඇත.
අන්තර් ජාල නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් සරත් ෆොන්සේකා මහතා මෙම තොරතුරු හෙළි කළේය.
රැස්වීමේ කිසිවකු නැතත්, අවට අසා සිටින අයට ඇසෙන නිසා කතා කරන බව කියමින් සිය කතාව කළ සරත් ෆොන්සේකා මහතා පසුව ප්‍රශ්න කළේ ‘ රැස්වීමක් කරන්න නොදන්නා අය රටක් කරන්නේ කොහොමද?’ යනුවෙනි.
හේෂා විතානගේ මන්ත්‍රීවරයා පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉල්ලා අස් වූ බව වාර්තා වී ය.
