උපයෝගිතා කොමිසමට පා පහරක් ! විදුලි බිල වැඩි කිරීම කැබිනට තීරණයකින් !!

මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ඉල්ලීමකින් තොරව කැබිනට අනුමැතියක් මගින් විදුලි ගාස්තු වැඩි කිරීමට ආණ්ඩුව සැලසුම් කොට ඇති බව වාර් තා වෙයි.
නව විදුලි ගාස්තු සම්බන්ධ කැබිනට පත්රිකාවක් ඉදිරි කැබිනට් රැස්වීමකට ඉදිරිපත් කිරීමට ඒ අනුව කටයුතු යොදා තිබේ.
ජනාධිපතින රනිල් වික්රමසිංහ මහතා පසුගිය දා පාර් ලිමෙන්තුවේ කළ කතාවක දී උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා දැඩි දෝෂ ර්දශනයකට ලක් කරන ලද්දේ තමන්ගේ ලැදියාවන්ගේ ගැටුම් හෙළි නොකර විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහි වන බව කියමිනි.
විදුලි ගාස්තු වැඩි කිරීමේ බලය ඇත්තේ ඇමතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට බව ද ජනාධිපතිවරයා කී ය.
මේ අතර විදුලි බල මණ්ඩලය ප්රතිව්යුහගත කිරීමත් සමග එහි නියාමනයෙන් උපයෝගිතා කොමිසම ඉවත් කොට ඒ සඳහා නව නියාමන අධිකාරියක් ඇතී කිරීමට නීති කෙටුම්පත් කරමින් පවතින බව ද වාර් තා වෙයි.
