සියලු වී ගොවීන්ට ඍජු සහනාධාරයක්

 

මාස් කන්නයේ වගාව සඳහා සියලු වී ගොවීන්ට සහනාධාර ගෙවීමට රජය පියවර ගන්නා බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව හෙක්ටයාරයක් හෝ ඊට අඩුවෙන් වගාකරන ගොවියකුට රුපියල් 10,000 ක් සහ හෙක්ටය දෙක දක්වා ගොවියකුට රුපියල් 20,000 ක් ලබා දීමට සැලසුම් කොට ඇත.

මෙම මුදල ගොවීන්ගේ බැංකු ගිණුම්වලට ලබන සතියේ ලබාදෙන බව ඇමතිවරයා කියයි.

මහ කන්නයේ කුඹුරු අක්කර ලක්ෂ අටක් වගා කිරීමට සැලසුම් කොට ඇත.

වෙනත් ගොවීන්ට මෙම සහනාධාරය නොලැබෙන නමුත් රුපියල් 40,000 ක් මිල වන පොහොර මිටියක් 16,000 කට ලබා දීමෙන් සියලු ගොවීන්ට රජයෙන් සහනාධාර ලබා දී ඇති බව ඇමතිවරයා පෙන්වා දෙයි.

ගොවීන්ට මෙලෙස ඍජු සහනාධාර ලබාදීම සිදුවන්නේ වී සහ සහල් මිල අඩුවෙන් තබා ගනිමින් පාරිභෝගිකයාට සහන සැලසීමේ අරමුණෙන් බව රජයේ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *