පළාත් පාලන ඡන්දයකින් ජාතික දේශපාලනයට බලපෑමක් නැහැ – සජබ සභාපති සරත් ෆොන්සේකා

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇති බවත්, එයින් තම පක්ෂයට ජය ගත හැකි වුවත්, එමගින් ජාතික දේශපාලනයට බලපෑමක් සිදු කළ නොහැකි බවත්, සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරයි.
ජාතික මට්ටමේ මැතිවරණයක් සඳහා වසර දෙකක කාලයක් ඇති බැවින් මෙම කාලය භාවිතා කරමින් රටට අවශ්‍ය සැලසුම් සකස් කර ගනිමින් හොඳින් සුදානම් විය යුතු බව ඒ මහතා කියයි.
දැනට දේශපාලනයේ සිටින නායකයින් කිසිවකු තුළ රට ගැන හැඟීමක් තමන් බලාපොරොත්තු වන මට්ටමින් නැති බව ද ෆොන්සේකා මහතා පවසයි.
අන්තර් ජාල නාලිකාවක වැඩ සටහනකට සම්බන්ධ වෙමින් ෆොන්සේකා මහතා වැඩි දුරටත් කීවේ තමන් සමගි ජන බලවේගයේ සිටින්නේ එයින් තමන්ට අවශ්‍ය දේශපාලන මත ප්‍රකාශ කිරීමට වේදිකාවක් ලැබෙන නිසා බව යි.
