|

ණය හිමියන් සමග සාකච්ඡාව ලබන සතියේ ලන්ඩන් හි දී

  ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණය සම්බන්ධයෙන් පෞද්ගලික ණය හිමියන සමග සාකච්ඡාව ලබන සතියේ පැවැත්වෙන බව බ්ලුම්බර්ග් ප්‍රවෘත්ති සේවය වාර්තා කොට ඇත. ආණ්ඩුවේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ මේ සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය මහින්ද සෙනෙවිරත්න සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්වරුන් සහභාගී වනු ඇති බව යි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම…

|

වැට් බලපෑමක් නැහැ – ජාතික උද්ධමනය පහළට

ආණ්ඩුව වැට් බදු වැඩි කිරීම නිසා රටේ උද්ධමනය විශාල ලෙස ඉහළ යනු ඇති බවට විපක්ෂය කළ පුරෝකථන බොරු කරමින්,  2024 ජනවාරි මාසයේදී 6.5% ක් ලෙස වාර්තා වූ මෙරට ජාතික උද්ධමනය 2024 පෙබරවාරි මාසය සඳහා 5.1% ක් දක්වා අඩුවී ඇති බව වාර්තා වෙයි.. 2024 ජනවාරි මාසයේ දී 4.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය…

| |

වැඩ සටහන සාර්ථකයි ; එකඟත්වයට පැමිණියා – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල

ශ්‍රී ලංකාව සමග ක්‍රියාත්මක වැඩසටහනේ මීළඟ අදියර සඳහා ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇති බව මුල්‍ය අරමුදල  නිවේදනයක් නිකුත් කරමින් අද ප්‍රකාශ කළේ ය. එයට අධ්‍යක්ෂ  මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 337 ක දෙවැනි වාරිකය ලැබෙනු ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති ඵල දරන බව එම…

කතානායකට එරෙහි විශ්වාස භංගය වැඩි ඡන්ද 42 කින් පරාදයි

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරහිව විපක්ෂය ඉදිරිපත් කොට තිබු විශ්වාස භංග යෝජනාව අද වැඩි ඡන්ද 42 කින් පරාජයට පත්විය. යෝජනාවට පක්ෂව ඡන්ද 75 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 117 කි. විපක්ෂයේ ඉල්ලීම පරිදි  යෝජනාව පිලිබඳ විවාදය දින තුනක් තිස්සේ පැවැත්විණි.

ඩොලරය රුපියල් 280 ට බහීවි – ජනාධිපති

    රුපියල තවත් ශක්තිමත් වෙමින් ජුලි මස වන විට ඩොලරය රුපියල් 280 දක්වා පහත වැටෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවති උත්සවයක් අමතා පැවසීය. රුප්යල ඊටත් වඩා ශක්තිමත් වනු ඇතැයි සමහරු ප්‍රකාශ කළ ද එම මට්ටමට පැමිණීම ප්‍රමාණවත් බව ද ජනාධිපති තුමා කීය. ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ  කළේ ඒ අනුව බදු මිල ද…

|

ඩොලරය රුපියල් 303.90 ට බහී

එතැන් විනිමය වෙළෙඳපොළේ ඩොලරයක හුවමාරු වටිනාකම රුපියල් 303.90 දක්වා අඩු වී ඇති බව වාර්තා වෙයි. අද උදෑසන ඩොලරයක් අලෙවි වී ඇත්තේ රුපියල් 303.90 සිට 304.05 අතර මිල ගණන්වලට ය.

පොහොට්ටු බහුතරය රනිල් දිනාගනී

  රට පැත්තෙන් බලන්නේ නම් ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග කටයුතු කිරීමට අවශ්‍ය වන බව විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහතා පවසයි.   තමන් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් විදියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බවත් පැවසු ඔහු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයද රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙනු ඇති බවද කියා සිටියේය.   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…

|

ආර්ථිකයේ සියයට 4.5 ක වර්ධනයක්

පසුගිය 2023 වසරේ අවසාන  කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සියයට 4.5 ක වර්ධනයක් සිදු වී ඇති බව රජයේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කොට ඇත. ඒ අනුව වසරේ මුල් කාර්තු දෙකේ දී පිරිහීමක් වාර්තා කළ ආර්ථිකය තුන්වන කාර්තුවේ සිට වර්ධනය වන්නට පටන්ගෙන ඇති බව තහවුරු වෙයි. මෙම කාර්තුව තුළ කර්මාන්ත ක්ෂේත්‍රයේ සියයට 7.9 ක වර්ධනයක් පෙන්නුම් කොට ඇති…

ලංකා බැංකුවේ සභාපති ධුරය කාවන් රත්නායකට

මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස මෙරට ප්‍රකට වෘත්තිකයෙකු වන කාවන් රත්නායක පත් කර ඇත. ඒ අනුව ඔහු නව තනතුරෙහි වැඩ භාර ගැනීම 2024 මාර්තු 14 වන දා සුබ මොහොතින් සිදු විය. 2023 වසරේ ජනවාරි මස සිට ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා ගෙන් පසු ව…

|

රනිල් ගැන විජිත හේරත්ගෙන් ටොන් පචයක් ! “සැබෑව”ට බය වී දැයි සැකයක් !!

මහ බැංකු වංචාවේ චෝදනාවලින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මුක්තිය යොදාගෙන නිදහස් වූ බවට ජාතික ජන බලවේගයේ ඉහලම නායකයකු වන විජිත හේරත් මහතා අද කළ ප්‍රකාශය සම්පුර්ණ අසත්‍යයක් බවත්, එබඳු කිසිදු චෝදනාවක් රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වී නොතිබූ බවත්, දේශපාලන අංශ ප්‍රකාශ කරයි. මහ බැංකුවේ වංචාව යැයි විපක්ෂය දිගින් දිගට කියන ගනුදෙනුවේ වංචාවක් සිදු වී නැති…

සීනි රුපියල් 35 කින් , පිටි 15 කින් පරිප්පු 65 කින් අඩු කරයි

කොළඹ තොග වෙළෙඳ පොළේ  ආනයනික සුදු සීනි රුපියල් 35 කින්  ,පරිප්පු 65 කින් සහ  තිරිඟු පිටි 15 කින් ලෙස තොග  මිල අඩු කර ඇතැයි වාර්තා වෙයි   . ඒ අනුව  සුදුසීනි කිලෝවක තොග මිල රුපියල් 300 සිට 265 දක්වා ද ,  තිරිඟු පිටි කිලෝවක් රුපියල් 190සිට175 දක්වා සහ පරිප්පු  කිලෝවක් රුපියල් 350 සිට 285 දක්වාද  අඩුකර…

|

අද ඩොලරය රුපියල් 305.65 ට බහී

  කොළඹ එතැන් විනිමය වෙළෙඳපොළේ ඩොලරයක මිල අද උදෑසන සටහන් වුයේ රුපියල් 305.65 සහ 305.72 අතර බව වාර්තා වෙයි. ඊයේ දිනයේ එය පැවතියේ 306.50 – 306.65 මට්ටමේ ය.