සීනි රුපියල් 35 කින් , පිටි 15 කින් පරිප්පු 65 කින් අඩු කරයි

කොළඹ තොග වෙළෙඳ පොළේ  ආනයනික සුදු සීනි රුපියල් 35 කින්  ,පරිප්පු 65 කින් සහ  තිරිඟු පිටි 15 කින් ලෙස තොග  මිල අඩු කර ඇතැයි වාර්තා වෙයි   .

ඒ අනුව  සුදුසීනි කිලෝවක තොග මිල රුපියල් 300 සිට 265 දක්වා ද ,  තිරිඟු පිටි කිලෝවක් රුපියල් 190සිට175 දක්වා සහ පරිප්පු  කිලෝවක් රුපියල් 350 සිට 285 දක්වාද  අඩුකර ඇතැයි ආනයනකරුවෝ ප්‍රකාශ කරති.  .

මේ වන විට අවශ්‍ය තරම් සුදු සීනි, තිරිඟු පිටි සහ පරිප්පු තොග තමන් සතුව පවතින බවත් එළඹෙන උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට කිසිදු බාදාවකින් තොරව එම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකි බවත්  ආනයනකරුවෝ  පවසන බව වාර්තා වෙයි.

.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *