ජනාධිපති ලේකම්ගේ ලියුමෙන් මහජන උපයෝගීතා කොමිසම අහෝසි කරන්න බෑ : එය කළ හැක්කේ පාර්ලිමේන්තු පනතකින් පමණයි ; කැබිනට් ප්රකාශක ඇමැති උදය ගම්මන්පිල
මහජන උපයෝගීතා කොමිසම අහෝසි කළ හැක්කේ ලිපියකින් නොව පාර්ලිමේන්තුවට ගෙන එන පනතකින් බව කැබිනට් ප්රකාශක ඇමැති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. එම කොමිසමෙන් බලාපොරොත්තු වූ අරමුණු ඉටු වූයේද, නැතිනම් ගන්නා පියවර කුමක්ද, කොමිසමේ කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දීර්ඝ සාකච්ඡාවක් ඇතිවූ බවද ඒ මහතා පැවසීය. එය අහෝසි කිරීමක් මෙතෙක් සිදුව නැති බවත් ඒ ගැන…
