කොවිඩ් දෙදෙනෙක් අදත් මරුට ; අද දෙදෙනාත් හෝමාගම දී

කොවිඩ් 19 ආසාදිතයින් දෙදෙනකු අද දින මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද මියගිය දෙදෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර කොළඹ ජාතික රෝහලෙන් හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු හෝමාගම රෝහලේ දී මරණ දෙක ම සිදු වී ඇත.

මෙම දෙදෙනාත් සමග මෙරට දී මියගිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 142 ක් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *