කොවිඩ් ආසාදිත්යෝ 703 ක් අද හඳුනා ගැනෙති ; පොකුර දැන් 25,025 යි ; සමස්තය 28,515 යි

අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 703 දෙනකු අලුතින් හඳුනාගත් බව හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
මෙයින් ආසාදිතයින් 466 ක් පැලියගොඩ පොකුරට සම්බන්ධ අය වන අතර 237 ක් බන්ධනාගාර පොකුරට සම්බන්ධ ආසාදිතයෝ වෙති.
මේ අනුව වත්මන් කොවිඩ් පොකුරේ සංඛ්‍යාව 25,025 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 28,515 ක් වශයෙනි.
