මහින්ද ආණ්ඩුවේ කීමට මිනීමැරූ හැටි පිල්ලෙයාන් වමාරයි !

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ බලවතුන්ගේ ඉල්ලීම් අනුව විවිද පුද්ගලයන් ඝාතනය කළ ආකාරය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හෙළිකරමින් සිටින බව ආරක්ෂක ක්ෂේත්‍රයේ තතු දත් ආරංචි මාර්ග කියයි . එම පුද්ගලයින් ඝාතනය කිරීමට හේතු තම නොදන්නා බවත් තමන් කළේ ලැබෙන උපදෙස් අනුව ක්‍රියාකිරීම පමණක් බවත් පිල්ලෙයාන් ප්‍රකාශ කොට ඇතැයි කියති . එවකට ඇමැතිවරයකුව සිටි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…

බර්ටිගේ ගෝලයින් අල්ලාගත් රජයේ ඉඩම් ආපසු ගන්නයි මෛත්‍රිගෙන් නියෝගයක් !

උතුරු මැද පළාත් සභාවේ මහ ඇමැති ලෙස බර්ටි දිසානායක මහතා කටයුතු කළ සමයේ දේශපාලන බලයෙන් ගෝල බලයන් විසින් අල්ලාගෙන මේ වනවිට අනවසර ඉදිකිරීම්ද කර ඇති රජයේ ඉඩම් ආපසු රජයට පවරා ගන්න ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට නියෝග කොට ඇත . රජයේ ඉඩම්වල ඇති අනවසර ඉදිකිරීම් කඩ ඉවත්කරනලෙසද ජනාධිපතිවරයා වැඩි දුරටත්…

පරණගම , උදලාගම වාර්තා එළියට – කුණු ගොඩක් ඇදෙන ලකුණු !

ප්‍රකාශයට පත් නොකරනු ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කළ  මැක්ස්වෙල් පරණගම ජනාධිපති කොමිසන් වාර්තාවත් සමග නිශ්ශංක උදලාගම කොමිසන් වාර්තාවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබීය .එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වරයාගේ වාර්තාවද ඒ සමගම සභාගත කෙරින. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මතවූ යෝජනාව හෙට ලබාදෙන බවට අගමැතිවරයා සභාවට දැනුම්…

විවාදාත්මක පරණගම වාර්තාව හෙට පාර්ලිමේන්තුවට

යහපාලන ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන්ගේ දුෂණ ගැන සදහා බව කියන මක්ෂ්වෙල් පරණගම කොමිසන් සභා වාර්තාව හෙට (20දා ) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව තතු දත් ආරංචි මාර්ග කියයි .පසුගිය රජය සමයේ පත්කළ මෙම කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට හෙට ලබාදෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වී ඇත .ජිනීවා යෝජනා පිළිබද පාර්ලිමේන්තු විවාදයට මෙම වාර්තාව මෙන්ම උදලාගම කොමිසන්…

ජිනීවා යෝජනා විවාදය දා පාර්ලිමේන්තු පාරේ බල පොරයක් !

ජිනීවා යෝජනා පිළිබද පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන මෙම 22දා  සහ 23දා පාර්ලිමේන්තුව අසලට මහජනයා ගෙන්වා තම බලය පෙන්වීමට ජිනීවා යෝජනාවට විපක්ෂ බලවේග සංවිධානය වන බව වාර්තාවීම නිසා එයට මුහුණදීමට වැඩි සෙනගක් රැගෙන ඒමට යෝජනාවට පක්ෂ කණ්ඩායමද සංවිධානය වන බව වාර්තා වෙයි . ඒ සදහා කැදවන ලද ආණ්ඩුවට හිතවත් බහුජන  සන්විධානවල රැස්වීමක් රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා…

හිටපු බලවතුන්ගේ ගිණුම් විදෙස් රටවල් හතරක

හිටපු රජයේ ප්‍රධානීන්ට , ඔවුන්ගේ පවුල්වල අයට ,සහ හිතවතුන්ට අයත් බැංකු ගිණුම් විස්සකට වැඩි සංඛ්‍යාවක් රටවල් හතරක බැංකුවල ඇති බවට රජයට තොරතුරු ලැබී ඇති බව වාර්තා වෙයි . ඩුබායි , යුක්රේන් ,බහමාස් සහ සීෂෙල්ස් යන රටවල මෙම බැංකු ගිණුම් පවත්වාගෙන යන බව කියති . ඩුබායිහි බැංකු ගිණුම් අටක් ගැන තොරතුරු ඇතිබව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත…

ඝෝඨාභය කොටු නොකළොත් ඇවන්ට් ගාඩ් නිදහස් වෙයිලු !

ඇවන්ට් ගාඩ් ආරක්ෂක සමාගමට මුහුදු ආරක්ෂක කටයුතුවලට අවසර දුන් පදනමත්, රක්නා ආරක්ෂක ලංකා සමගම පිහිටුවා එමගින් රජය සතු අවි ආයුධ මෙම ව්‍යාපාරික කටයුත්තට ලබාදීමත්, ගැන සම්පුර්ණ වගකිව යුත්තා වන හිටපු ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර ඔහුට එරෙහිව නීතිමය පියවර ගත නොහැකි නම් ඇවන්ට් ගාඩ් හා රක්නා ලංකා සමාගම්වලට එරෙහිව කුමන නීතිමය පියවරක් ගත්තද…

බලවතුන්ගේ විදෙස් ගිණුම් එකක් නොව හතක් ගැන පරීක්ෂණ

රටේ හිටපු බලවතුන්ගේ හා ඥාතීන්ගේ ගිණුම් එකක් නොව හතක් ගැන පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන බව ආණ්ඩුවේ තතු දත් ආරංචි මාර්ගයකින් යුක්තියට දැනගන්නට ඇත . හිටපු ඉහළම ප්‍රභූ වරයකුගේ ඥාතියකුගේ විදෙස් ගිනුමක ඇති ඩොලර් මිලියන 500ක මුදලක් ගැන විදේශ අධිකරණයකින් තීන්දුවක් ලබාගැනීමේ උත්සාහයක් ගැන පසුගිය සතියේ පළවූ මාධ්‍ය  වාර්තා ගැන අපකළ විමසීමකදී මේ බව දැනගන්නට ලැබිණි ….

|

විදුලි දුම්රිය ව්‍යාපෘතියට බලගතු උපදේශකයකුගෙන් පොල්ලක් !

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වේගවත් ප්‍රවාහන පද්ධතියක් බවට පත්කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී එහි මුල් පියවර ක්‍රියාත්මක කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන තුන් සියයක ආධාර අනුමතව තිබියදී එය අතහැර දැමීමට මුදල් කටයුතු පිළිබද රජයේ උපදේශකයකු උත්සාහ දරමින් සිටින බව තතු දත් ආරංචි මාර්ගයකින් යුක්තියට දැනගන්නට ඇත . කොළඹ මාර්ග තදබදයට…

හිටපු ලොක්කාගේ පුතාගේ විදෙස් ගිණුමෙන් ඩොලර් මිලියන 500ක් එළියට !

රටේ ඉහළම ප්‍රභුවරයකුව සිටි අයකුගේ පුතකුවන තරුණ දේශපාලඥයකුගේ නමින් බටහිර අප්‍රිකානු රටක පවත්වාගෙන යන ගිනුමක ඇති ඩොලර් මිලියන පන්සියයක තරම් විශාල  මුදලක් රජය විසින් සොයාගෙන ඇති බවත් ,එම ගිණුමේ ගනුදෙනු නවත්වන ලෙස ශ්‍රී ලංකා රජය එරට අධිකරණයට ඉදිරිපත්කළ පෙත්සමක තීන්දුව අද ලැබීමට නියමිත බවත් , සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි . බැංකු ගනුදෙනුකරුවන් රැකීමේ දැඩි…

ලක් සතොස සැපයුම්කරුවන්ට කෝටි තුන්සීයක් පොලු තියලා !

ලක් සතොස ආයතනය පසුගිය කාලයේ දිගින් දිගට පාඩු ලැබීම නිසා සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති රුපියල් කෝටි තුන් සියයක් ගෙවා නැති බවත් ,රජයේ බැංකු දෙකට කෝටි දාහක් ණය වී ඇති බවත් ,අලුත්ම වාර්තා වලින් හෙළිදරවු වෙයි .මෙම මුදල් ගෙවීමට ලක් සතොසට හැකියාවක් නැති බව කර්මාන්ත හා වෙළද අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා මුදල් ඇමැති රවී කරුණානායක මහතා වෙත…

|

ආර්ථිකය ගොඩ යන බවට විශ්වාසය ඉහළට

ඉදිරි කාලයේදී රටේ ආර්ථිකයේ වර්ධනයක් සිදුවන බවට වන ව්‍යාපාරික විශ්වාසය මේ වනවිට මෑත කාලයේ වාර්තාවූ ඉහළම මට්ටමට ලගා  වී ඇති බව ප්‍රකට ව්‍යාපාරක සගරාවක් වන එල් එම ඩී සගරාව කියයි . ජනමත සමීක්ෂණයක් මගින් ඔවුන් සකස් කරන නීල්සන් දර්ශකයේ අගය පසුගිය මාසයේ 204ක් ලෙස වාර්තා වී ඇත . මීට පෙර වාර්තා වූ වැඩිම අගය වන…