විවාදාත්මක පරණගම වාර්තාව හෙට පාර්ලිමේන්තුවට
යහපාලන ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන්ගේ දුෂණ ගැන සදහා බව කියන මක්ෂ්වෙල් පරණගම කොමිසන් සභා වාර්තාව හෙට (20දා ) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව තතු දත් ආරංචි මාර්ග කියයි .පසුගිය රජය සමයේ පත්කළ මෙම කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට හෙට ලබාදෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වී ඇත .ජිනීවා යෝජනා පිළිබද පාර්ලිමේන්තු විවාදයට මෙම වාර්තාව මෙන්ම උදලාගම කොමිසන් වාර්තාවද ලබාදීමට රජය එකග වී ඇත.ජිනීවා නුවරදී පසුගිය මාසයේ රැස්වූ මානව හිමිකම් කවුන්සිලයටද රජය එම පොරොන්දුව දී තිබේ .
එසේ වුවද මෙම රජයේ ඇතැම් ඇමතිවරුන්ගේ දුෂණ ගැන මෙම වර්තවෙ සදහන් බවටත් , එමනිසා මෙම වාර්තාව ප්‍රසිද්ධ නොකරන ලෙස ජනාධිපතිතුමා වෙත පලපෑම් එල්ල වී ඇති බවත් , පසුගිය දිනවල වාර්තා වීය ,එනමුත් රජය පොරොන්දු වී ඇති ලෙස මෙම වාර්තාව ප්‍රසිද්ධ නොකළහොත් එයින් රජය බරපතළ අර්බුදයකට ලක් කරනු ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ කියති .
මක්ෂ්වෙල් පරණගම කොමිසමට භාරව තුබූ කර්තව්‍යය වුයේ අතුරුදන් වුවන් පිලිබදව පරීක්ෂා කොට වාර්තා කිරීමයි .
