පරණගම , උදලාගම වාර්තා එළියට – කුණු ගොඩක් ඇදෙන ලකුණු !
ප්‍රකාශයට පත් නොකරනු ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කළ මැක්ස්වෙල් පරණගම ජනාධිපති කොමිසන් වාර්තාවත් සමග නිශ්ශංක උදලාගම කොමිසන් වාර්තාවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබීය .එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වරයාගේ වාර්තාවද ඒ සමගම සභාගත කෙරින. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මතවූ යෝජනාව හෙට ලබාදෙන බවට අගමැතිවරයා සභාවට දැනුම් දුන්නේය .
අතුරුදන් වුවන් පිලිබදව සෙවූ පරණගම කොමිසමෙන් මෙන්ම , විශේස සිදුවීම් කිහිපයක් ගැන සොයා බැලු උදලාගම කොමිසමෙන්ද යුද සමයේ සිදුවූ නමුත් බොහෝ දෙනා දැන නොසිටි සිදුවීම් රාශියක් හෙළිදරවු වන බව තතු දත් ආරංචි මාර්ග කියයි .එම සිදුවීම් ගැන වැඩිදුර පරීක්ෂා කලයුතු බව වාර්තා දෙකෙන්ම නිර්දේශ කොට ඇත . 22 හා 23 දිනවල පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයේදී මෙම කරුනු සාකච්චාවට ගැනීමට නියමිතය .
