හිටපු බලවතුන්ගේ ගිණුම් විදෙස් රටවල් හතරක
හිටපු රජයේ ප්‍රධානීන්ට , ඔවුන්ගේ පවුල්වල අයට ,සහ හිතවතුන්ට අයත් බැංකු ගිණුම් විස්සකට වැඩි සංඛ්‍යාවක් රටවල් හතරක බැංකුවල ඇති බවට රජයට තොරතුරු ලැබී ඇති බව වාර්තා වෙයි . ඩුබායි , යුක්රේන් ,බහමාස් සහ සීෂෙල්ස් යන රටවල මෙම බැංකු ගිණුම් පවත්වාගෙන යන බව කියති .
ඩුබායිහි බැංකු ගිණුම් අටක් ගැන තොරතුරු ඇතිබව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය . එකම පවුලේ සහෝදරයින් දෙදෙනකුගේ ගිණුමද , ජනාධිපති කාර්ය මණ්ඩලයේ හිටපු නිලධාරියකුගේ ගිණුමක්ද ,ජාවාරම්කාර ව්‍යාපාරිකයකුගේ ගිණුමක්ද ඒ අතර වන බව කියති .
යුක්රේන් ,බහමාස් සහ සීෂෙල්ස් යන රටවල බැංකු ගිණුම් පිළිබදවද රජයට තොරතුරු ලැබෙමින් පවතියි . මෙම සියලු ගිණුම් වල ඇති මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන පහළවක් ඉක්මවා යනු ඇතැයි අපගේ ආරංචි මාර්ග කියයි .
