ඝෝඨාභය කොටු නොකළොත් ඇවන්ට් ගාඩ් නිදහස් වෙයිලු !
ඇවන්ට් ගාඩ් ආරක්ෂක සමාගමට මුහුදු ආරක්ෂක කටයුතුවලට අවසර දුන් පදනමත්, රක්නා ආරක්ෂක ලංකා සමගම පිහිටුවා එමගින් රජය සතු අවි ආයුධ මෙම ව්‍යාපාරික කටයුත්තට ලබාදීමත්, ගැන සම්පුර්ණ වගකිව යුත්තා වන හිටපු ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර ඔහුට එරෙහිව නීතිමය පියවර ගත නොහැකි නම් ඇවන්ට් ගාඩ් හා රක්නා ලංකා සමාගම්වලට එරෙහිව කුමන නීතිමය පියවරක් ගත්තද අවසානයේ ඔවුන් නිදහස ලබනු ඇති බව නීති ක්ෂේත්රයේ තතු දත් ආරංචි මාර්ග කියයි . ඇවන්ට් ගාඩ් සමාගමේ කටයුතුවලට ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය ලබාදී ඇතිබව පැහැදිලි බවත් , එම ව්‍යාපාරයේ ලාභයෙන් විශාල කොටසක් ආරක්ෂක අමාත්‍යාංශය ලබාගෙන තිබීම නිසා මෙම ව්‍යපාරයේ නීත්‍යානුකුල භාවය රජය පිළිගෙන ඇති බව පෙන්වීමට සමාගමට ශක්තිමත් නීතිමය පදනමක් සපයන බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි .
රජය සමග ගිවිසුම් ගත ආකාරයට වෙනස්ව ඇවන්ට් ගාඩ් සමගම වෙනත් ජාවාරම් කර ඇත්නම් එම කරුණු වලට නඩු පැවරිය හැකිය . එසේ වුවද එබදු ජාවාරම් කළ බවට ඔප්පු කළ හැකි සාක්ෂි කිසිවක් මෙතෙක් හෙළිවී නැති බව අපේ ආරංචි මාර්ග කියයි .
මේ අතර නාවික හමුදාවේ හිටපු ඉහළ නිලධාරියකු යුක්තියට ප්‍රකාශ කළේ මෙම ව්‍යාපාරය නාවික හමුදාවට කළහැකි බව ඇතැමුන් ප්‍රකාශ කළද එය එතරම් සාර්ථක නොවන බවයි . මුහුදු ආරක්ෂණ කටයුතුවලදී වෙනත් රටවල මුහුදු සීමාවන්ට ඇතුළුවීමට සිදුවන බවත් වෙනත් රටක නාවික හමුදාවක සෙබළුන් තම මුහුදු සීමාවට ඇතුළු වනවාට කිසිදු රාජ්‍යයක් කැමති නොවන බවත් හිටපු නාවික හමුදා නිලධාරියා ප්‍රකාශ කළේය .
මුහුදු ආරක්ෂක කටයුතු අවශ්‍ය වන අරාබි මුහුද, රතු මුහුද, හා මධ්‍යධරනී මුහුදු ප්‍රදේශයේ රටවල් ගණනාවක මුහුදු සීමා හරහා නැවු ගමන් සිදුවෙයි . එම මුහුදු සීමාවන්ට අපරටේ නාවික හමුදාවේ සෙබළුන් යැවීමට ජාත්‍යන්තර විරෝධයක් මතුවිය හැකිය . මෙම කලාපයේ ඇතැම් රටවලට බලගතු නාවික හමුදා ඇතත් එම කිසිදු රටක් මෙම ව්‍යාපාරයට ඇත ගස නැත්තේ මෙම හේතුව නිසා විය හැකිය .
ලෝකයේ මුහුදු ආරක්ෂණ කටයුතුවල යෙදෙන ප්‍රධාන සමාගම් පහක් ඇති බව කියති .ඉන් දෙකක් ප්රංස සමාගම් වන අතර එකක් ඇමෙරිකානු සමාගමකි .
