ශ්‍රී ලංකාව ජී එස් පී දිනයි

 යුරෝපා පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය ලබාදීමට එරෙහිව ඉදිරිපත්ව තිබූ යෝජනාව වැඩි ඡන්ද 317 කින් පරාජයට පත්ව ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාදීමට තීරණය වෙයි. මෙහිදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාව ඉදිරිපත් කළ පාර්ශවයන් ඉල්ලා සිටියේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන වගකීම නිසි ලෙස ඉටු කර නොමැති වීම හේතුවෙන් ජී.එස්.පී ප්ලස්…

ආරක්ෂක ඒකකය සරත් ෆොන්සේකා මහතාට – අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා

  උසස් පරමාර්ථ පෙරදැරි කරගෙන පත් කරගත් මේ රජයට වගකීම් වලින් කර අරින්න බැරිනිසා සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂක ඒකකය බාර දුන් බවත් එදිනෙදා වැඩට යන මිනිස්සුන්ට දවස කාලකන්නි කරගන්න දෙන්න බැරි බවත් වාරිමාර්ග අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ  පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ විජයමුණි ද සොයිසා මහතා එසේ පැවසීය. “රජය…

කොමිනියුස්ට් පක්‍ෂයේ කට්ටියක් ඒකාබද්ධයේ මැයි දිනයට යන්න හදයි. ඩිව් තදින් හිටී

තම පක්‍ෂයේ මැයි දිනය උදය වරුවේ පවත්වා හවස ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි දිනයට සහභාගි විය යුතු බවට යෝජනාවක් ශ‍්‍රී ලංකාවේ කොමිනියුස්ට් පක්‍ෂයේ දේශපාලන මණ්ඩලයට ඉදිරිපත්වී ඇත. එය බරපතල වාද විවාදයන්ට ලක්ව පරාජයට පත්වී ඇති නමුත් ගාල්ලේ හා මාතර පිරිසක් විපක්‍ෂ මැයි රැුලියට යන්න හදන බවක් කතාබහෙන් පෙනීගොස් තිබේ. එහෙම ගියොත් බලාගෙන යයි කියා පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම්…

තිස්ස අත්තනායක යළි එ.ජා.ප.යට?

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා යළි එ.ජා.ප. යට සම්බන්ධ වීමේ උත්සාහයක් මේ වන විට බොහෝදුරට සාර්ථක කරගෙන ඇති බව සිරිකොත ආරංචිමාර්ග කියයි. ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ මහතාට සහය දීම නිසා පක්‍ෂයෙන් aඉවත් කළ තිස්සට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අත්සන් හොරට යොදා කූඨ ලේඛන සෑදීම පිළිබඳව නඩු…

විමල් වීරවංශගෙන් කරණමක් !

මහින්ද සම`ග නැතිටිමු ව්‍යාපාරයේ ප‍්‍රබල නායකයකු වන විමල් වීරවංශ මහතා දේශපාලන කරණමකට සූදානම් වෙමින් සිටින බවට ආරංචි පැතිරෙමින් තිබේ. එම ආරංචි අනුව විමල් වීරවංශ මහතා මහින්ද රාජපක්‍ෂ මහතා හා ඒකාබද්ධ විපක්‍ෂය හැර යනු ඇත. ආරංචි මාර්ග කියන්නේ විමල්ගේ කරණම අදහාගත නොහැකි එකක් වීමට ඉඩ තිබෙන බවයි.

පළමු මැතිවරණය ජනමත විචාරණයයි

යහපාලන ආණ්ඩුව යටතේ ඉදිරියේදි පවත්වන පළමු මැතිවරණය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ ජනමත විචාරණය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ ජනමත විචාරණය මේ වසරේදි යහපාලන ආණ්ඩුව මුහුණදෙන පළමුමැතිවරණය බවත් පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණයන්ට පෙර ජනමත විචාරණය පවත්වන බවත් ඇමැතිවරයා…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා අද ඉන්දියාව බලා පිටත්ව යයි .

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ය. ආග්‍රාමාත්‍යවරයා එම සංචාරයේදී ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ ඉන්දීය කොංග්‍රස් පක්ෂ සභාපතිනී සෝනියා ගාන්ධි මහත්මිය ද හමුවීමට නියමිතව තිබේ. ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන…

බැසිල්ට නඩේසන්ට එරෙහි අධිචෝදනා

මල්වානේ අක්කර 16 ඉඩම සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හා තිරුකුමාර්  නඩේසන්ට පවරා තිබු නඩුවේ  වැඩිදුර විභාගය පුගොඩ  මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිලුපුලී  ලංකාපුර  මෙනවිය ඉදිරියේ අද (25)  මහාධිකරණයේ තැබුවාය. නීතිපතිවරයා  විසින් ඔවුන්ට එරෙහිව මෙකී චෝදනාව සම්බන්ධයෙන්  ගම්පහ මහාධිකරණයේ අධි චෝදනා  ගොනු කොට  තිබෙන බව පැවසු මහේස්ත්‍රාත්වරිය මහාධිකරණයෙන්  නොතීසි ලද විට  එම අධිකරණයෙන් …

කුඩා ජල විදුලි බලාගාරවලට බලපත් දීමේදී නවීන තාක්ෂණය යොදා ගත යුතුයි – ජනාධිපති

කුඩා ජල විදුලි බලාගාර සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ දී නවීන තාක්‍ෂණය ඒ සඳහා උපයෝගී කරගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා (20) ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කුඩා ජල විදුලි බලාගාර ආශ්‍රිතව සිදුකෙරෙන පුනර්ජනනීය විදුලිබල නිෂ්පාදනය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට  එක්වෙමිනි. දැනටමත් දේශීය කුඩා ජල විදුලි බලාගාර පද්ධතිය ඔස්සේ ජාතික විදුලිබල…

ජොනිගේ මහා පරිමාණ හොරකම් යලිත් කරලියට…

මහින්ද රාජපක්ෂ පරාජය විමට ප්‍රධානතම හේතුව වුයේ ඔහුට එල්ල වු දුෂණ චොදනා බව නොරහසකි.මහින්ද ඉලක්ක කර එවකට විපක්ෂය දුෂණ,වංචා සම්බන්ධයෙන් ගල් වලින් දමා ගසද්දි එවා වැදුනේ එම හොරකම් වලට සම්බන්ධ වුවන්ට වුවද රටේ ජනතාව දැක්කේ මහින්ද පමණි.දැන් මහින්ද පරාද වි හමාරය පරාද වු මහින්දටද දැන් හොරු නැතුවම බරිය.මහින්දට ඇයි හොරු නැතුවම බැරි කියා මේ අවුරුදු දෙකක…

මීතොටමුල්ල ඛේදවාචකය පිළිබඳ ජපාන විශේෂඥ කණ්ඩායමේ වාර්තාව ජනපතිට

මීතොටමුල්ල කසළ කන්ද ඛේදවාචකයට හේතු වූ කරුණු සහ එවැන්නක් යළිත් සිදුවීම වැළැක්විමට ගත හැකි පියවර නිර්දේශ කිරීම සඳහා පැමිණි ජපාන විශේෂඥ කණ්ඩායම සිය වාර්තාව  ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත භාරදුන්නේ ය. නියෝජිත පිරිසේ ප‍්‍රධානියා වන Mitsutake Numahata මහතා විසින් එම වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමෙන් පසු සිය නිර්දේශ පිළිබඳ පැහැදිළි කිරීමක්…

ලසන්ත ඝාතනය මාධ්‍යවේදීන්ට පහරදීම එකම කණ්ඩායමකින් – සී අයි ඩී ය අධිකරණයට කියයි

   සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සහ එවකට සිදු වූ මාධ්‍යවේදීන්ට පහරදීම් සහ හිංසාවන් සිදු කර ඇත්තේ එවකට යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා වූ මේජර් ජනරාල් කපිල හෙන්දවිතාරණ යටතේ සිටි එකම කණ්ඩායමක් බව පරීක්ෂණවල දී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා වෙත ඊයේ (20) දැනුම් දුන්නේය….