කොමිනියුස්ට් පක්‍ෂයේ කට්ටියක් ඒකාබද්ධයේ මැයි දිනයට යන්න හදයි. ඩිව් තදින් හිටී
තම පක්‍ෂයේ මැයි දිනය උදය වරුවේ පවත්වා හවස ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි දිනයට සහභාගි විය යුතු බවට යෝජනාවක් ශ‍්‍රී ලංකාවේ කොමිනියුස්ට් පක්‍ෂයේ දේශපාලන මණ්ඩලයට ඉදිරිපත්වී ඇත. එය බරපතල වාද විවාදයන්ට ලක්ව පරාජයට පත්වී ඇති නමුත් ගාල්ලේ හා මාතර පිරිසක් විපක්‍ෂ මැයි රැුලියට යන්න හදන බවක් කතාබහෙන් පෙනීගොස් තිබේ. එහෙම ගියොත් බලාගෙන යයි කියා පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා ඔවුන්ට තර්ජනය කර ඇත.
