තිස්ස අත්තනායක යළි එ.ජා.ප.යට?
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා යළි එ.ජා.ප. යට සම්බන්ධ වීමේ උත්සාහයක් මේ වන විට බොහෝදුරට සාර්ථක කරගෙන ඇති බව සිරිකොත ආරංචිමාර්ග කියයි. ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට සහය දීම නිසා පක්ෂයෙන් aඉවත් කළ තිස්සට ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ අත්සන් හොරට යොදා කූඨ ලේඛන සෑදීම පිළිබඳව නඩු පැවරීමටද මේ වන විට කටයුතු සිදුව තිබේ. මේ තත්ත්වය සමථයකට පත්කර ගැනීම සඳහා ඔහු යළි එ.ජා.ප.යට සම්බන්ධවීමට දැඩි වෙහෙසක් දැරූ අතර මේ වනවිට එය සාර්ථක වී තිබේ.
