ශ්‍රී ලංකාව ජී එස් පී දිනයි
යුරෝපා පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය ලබාදීමට එරෙහිව ඉදිරිපත්ව තිබූ යෝජනාව වැඩි ඡන්ද 317 කින් පරාජයට පත්ව ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාදීමට තීරණය වෙයි.
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කළේ ජී.එස්.පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබාදීමට එරෙහිව ඉදිරිපත් වු යෝජනාවට පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 119ක් පමණක් බවත් යෝජනාවට එරෙහිව ඡන්ද 436 ක් හිමිවූ බවයි.
