අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා අද ඉන්දියාව බලා පිටත්ව යයි .
නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ය.
ආග්‍රාමාත්‍යවරයා එම සංචාරයේදී ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ ඉන්දීය කොංග්‍රස් පක්ෂ සභාපතිනී සෝනියා ගාන්ධි මහත්මිය ද හමුවීමට නියමිතව තිබේ.
ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සංචාරයට එක්වෙති.
