මැතිවරණය ගැන තීරණයක් නෑ; මනාප අංක ගැසට් කිරීමත් කල් යයි

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 30 දා පැවැත්වීම ගැන අවසන් තීරණයක් නැති නිසා එයට තරග කිරීමට නියමිත අපේක්ෂකයන්ගේ මනාප අංක ගැසට් කිරීම ද කල්ගිය බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. ජුනි 20 වනදා පැවැත්වීමට නියම කර ඇති මහමැතිවරණය නියමිත දිනට පවත්වන්නේන ද නැතහොත් තවදුරටත් කල් දැමිය යුතුද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව…

කොරෝනා ආසාදිතයින් ගණන 702 යි; අද අලුතින් 12 යි

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 702 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. අද (02) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 12 දෙනෙකු වාර්තා වී ඇති බවද ඒ මහතා කීය. කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 523 ක් වේ.  මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර…

තැපැල් කාර්යාල අරින්න බැරි බව වෘත්තිය සමිති කියයි

  කොළඹ තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාලවලට භාර දෙන ලිපි ඇතුළු සියලු තැපැල් භාණ්ඩ ආරම්භක හා ගමනාන්ත කාර්යාලවලදී විෂබීජහරණය කිරීමට  පහසුකම් සපයන තුරු තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල විවෘත නොකිරීමට තැපැල් ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ තීරණය කොට ඇත.  ඒ අනුව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තැපැල් කාර්යාල කාර්ය මණ්ඩල හතර වැනිදා සේවයට වාර්තා නොකරන…

ජූනි 20 මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

කල් දමා තිබෙන මහමැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණි. නීතිඥ චරිත ගුණරත්න මහතා පෙත්සම ඉදිරිපත් කළේය. එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයින්…

ඇඳිරි නීතිය 11දා දක්වා දිගටම

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය මැයි 11දා දක්වා දිගටම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කොට ඇත. කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම හැර සෙසු ප්‍රදේශවල ඇඳිරි නීතිය මැයි 4,5,6 දිනවප උදේ 5.00 සිට රාත්‍රී 8.00 දක්වා පමණක් ලිහිල් කෙරෙනු ඇත. මැයි 11 දිනෙන් පසුව ද ඇඳිරි නීතිය ඉවත් නොකර සීමා කිරීම් යටතේ කර්මාන්ත හා සේවා පවත්වාගෙන යාමට රජය…

අද අලුත් රෝගීන් 27ක්; එකතුව 690යි

අද දවස තුළ කොවිඩ් 19 රෝගීන් 27ක් අලුතින් හදුනාගෙන ඇත. ඒ අනුව රෝගීන්ගේ මුළු සංඛ්‍යාව 690ක් ලෙස වාර්තා වීය. ඊයේ රාත්‍රියේ එය සටහන් වුයේ රෝගීන් 663ක් වශයෙනි . මෙ අතර සම්පුර්ණ සුවය ලැබූ රෝගීන් 162ක් පිටව ගොස් ඇත.

බැංකු ණය වාරික අය නොකරන සහන කාලය සඳහා පොලී අය කරන්නත් බෑ – මහ බැංකුවේ සහකාර අධිපති විවෙට් ප්‍රනාන්දු

වාණිජ බැංකුවලින් හා මුල්‍ය ආයතනවලින් ගත්  ණය සඳහා වාරික අය නොකරන සහන කාලය සඳහා පොලී අයකිරීමට ද ඉඩ දී නැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිනි විවෙට් ප්‍රනාන්දු මහත්මිය අද ප්‍රකාස කළේ ය. මහා බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට අනුව බැංකු කළ යුතු වන්නේ ණය වාරික අය කිරීම අවම මාස දෙකේ සිට උපරිම මාස හය…

පවතින ඇඳිරි නීතිය වෙසක් හරහාත් යයි කියා හිතනවා – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

දැනට පවතින ඇඳිරි නීති තත්වය වෙසක් නිවාඩු දින කාලය හරහාත් ගමන් කරනු ඇතැයි තමන් සිතන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.  කෙසේවෙතත් තමන්ට මේ ගැන නිශ්චිතවම පැවසිය නොහැකි බවයි ඒ මහතා සඳහන් කළේ.  අනිල් ජාසිංහ මහතා මේ බව පැවසුවේ අද (01) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි.  මේ වනතෙක් නිවේදනය කර…

ඊයේ රෝගීන් 14යි; එකතුව 663යි

කොවිඩ් 19 ආසාදිතයන් 14 දෙනකු ඊයේ දවස තුළ අලුතින් හඳුනාගෙන ඇත . ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 663ක් බවට පත්වී ය.

ඊයේ රෝගීන් 30න් 22ක් නාවික හමුදාවේ. 07ක් සෙබළුන්ගේ ළඟම ඥාතීන් – හමුදාපති

ඊයේ (29) දිනයේ මෙරටින් වාර්තා වුණු කොරෝනා වෛරස් ආසාදිතයින් 30 දෙනා අතරින් 22 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.  “ඊයේ දවසට ශ්‍රී ලංකාව තුළ ආසාදිතයින් 30 දෙනෙකු සොයාගනු ලැබුවා. ඒ 30 දෙනාගෙන් 20 දෙනෙකුම වාර්තා වෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදා වැලිසර කඳවුරේ අපගේ වීරෝදාර රණවිරුවන් 20 දෙනෙකු. ඒ 20 දෙනාට අමතරව…

ඊයේ අලුතින් 30 යි; කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 649 ක් වෙයි

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 649 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ඊයේ  දිනයේදී වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව  30 කි. කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 506 ක් වේ.  මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 136 දෙනකු සුවය ලබා පිටව ගොස්…

අධි ආරක්ෂාව කොළඹින් ගමට – දැන් රටම අනාරක්ෂිතයි

බස්නාහිර පලාතට හා පුත්තලම් දිස්ත්‍රික්කයට සීමා වී තිබු අධි ආරක්‍ෂිත ප්‍රදේශ හෙවත් රතු කලාප තත්ත්වය මේ වනවිට රට පුර ව්‍යාප්ත වී ඇති බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග කියයි . මෙම තත්ත්වය ඇතිව තිබෙන්නේ නිවාඩු ලබා නිවෙස් බලා ගොස් හිතමිතුරන් හා සමාජයේ ගැවසුණු නාවික හමුදා සෙබළුන් 79 දෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවීමත්…