මැතිවරණය ගැන තීරණයක් නෑ; මනාප අංක ගැසට් කිරීමත් කල් යයි

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 30 දා පැවැත්වීම ගැන අවසන් තීරණයක් නැති නිසා එයට තරග කිරීමට නියමිත අපේක්ෂකයන්ගේ මනාප අංක ගැසට් කිරීම ද කල්ගිය බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ජුනි 20 වනදා පැවැත්වීමට නියම කර ඇති මහමැතිවරණය නියමිත දිනට පවත්වන්නේන ද නැතහොත් තවදුරටත් කල් දැමිය යුතුද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව එම කොමිසම දැනුම් දී තිබේ.
ඒ දේශපාලන පක්ෂ නියෝජිතයන් සමග අද කොමිෂන් සභා කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි
