මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1887 ක් දක්වා ඉහළට

තවත් කොවිඩ්-19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු අද හඳුනාගෙන ඇත.   ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 1887 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.   තවත් රෝගීන් 589 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.

කොරෝනා අස්සේ ලොකු ගරානාවක් ; ඩොලර් මිලියන 450ක බලාගාරය ඉදිකිරීම ටෙන්ඩර් නැතිව චීන සමාගමට !!!

නොරච්චෝලේ තවත් මෙගාවොට් 300ක ගල් අගුරු බලාගාරයක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවක් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව චීන සමාගමකට ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙයි. චයිනා මැෂිනරි ඉංජිනියරින් කොර්පොරේෂන් සමාගමට මෙම කොන්ත්‍රාත්තුව ලබාදීමට තීරණය කර ඇත්තේ කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් ඇතිවන ආර්ථික ප්‍රශ්නවලට විසදුම් ලබාදීමේ හදිසි ව්‍යාපෘතියක් වශයෙනි. මෙලෙස ගල් අගුරු බලාගාරයක් ඉදිකිරීමට හදිසි තීරණයක් ගෙන…

සජිත් පිලේ මැතිවරණ සටනට මලික් සමරවික්‍රමත් බැහැ කියයි

සජිත් පිලේ මැතිවරණ සටනේ ඇතිවී තිබෙන පසුබැසීම් මග හැරීමට හා අභ්‍යන්තර ප්‍රශ්න විසදීමට මැදිහත්වන්නැයි සමගි ජන බලවේගයේ පිරිසක් කළ ඉල්ලීමක් හිටපු ඇමති මලික් සමරවික්‍රම මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි. එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කිට්ටුවන්තයකු ලෙස කලක් කටයුතු කළ මලික් සමරවික්‍රම මහතා ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට විශාල කාර්යභාරයක් ඉටුකළේ ය….

ලීසිං මාෆියාව මිනී මරණවා, මහබැංකුව පඹයෙක් වගේ බලා ඉන්නවා. අපට හරි ලැජ්ජයි – අමාත්‍ය විමල් වීරවංශ

නීතිවිරෝධී ලීසිං මාෆියාව මැඬපැවැත්වීම සඳහා තමන් සතු බලතල ක්‍රියාවට නැඟීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව ඉතාම මන්දෝත්සාහී වී ඇති බවත් ලීසිං මාෆියාවට මිනිස් ජීවිත බිලිගැනීමට හැකියාව ලැබීම පිළිබඳ තමන් ලැජ්ජාවට පත්වන බවත් කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.  “ත්‍රීරෝද රථ සංගමයේ සභාපතිවරයෙක් විදියට කටයුතු කරපු සුනිල් ජයවර්ධන මහත්මයා ලීසිං මාෆියාවේ මැරකල්ලි විසින් පහරදීලා මහදවල් මරාදමනු ලැබ…

සජිත් පිලේ ප‍්‍රබලයෝ තව 10ක් අපේක්‍ෂකත්වය අතහරිති..

මහ මැතිවරණයට තරග කිරීම සඳහා සමගි ජන බලවේගය පක්ෂයෙන් නාමයෝජනා දී ඇති ප්‍රබලයන් 10කට වැඩි පිරිසක් ඉදිරි දිනවල එම පක්‍ෂයේ අපේක්ෂකත්වයෙන් ඉවත්වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. එම පිරිස් අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුන් දෙනෙක් ද සිටින බව සඳහන්ය එම. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය සම්බන්ධ කලකිරීමෙන් සහ මැතිවරණ ජයග්‍රහණය ගැන පවතින අවිනිශ්චිතතාවය මත මුදල් වියදම්…

වෙනත් පක්ෂයකට ගිය අයගේ සාමාජිකත්වය අහෝසි කිරීමට වාරණය නිෂ්ප්‍රභ කරන්න – අකිල විරාජ් උසාවියට කරුණු ගොනු කරයි

සමඟි ජන බලවේගය යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම පාදක කර ගනිමින් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වළක්වන වාරණයක් ඉල්ලා රංජිත් මද්දුම බණ්ඩාර මහතා එජාපයට එරෙහිව පැවරූ නඩුව විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නැයි පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ කරුණු ගොනු කරමින් ඊයේ (12) ඉල්ලා සිටියේය. අලියා ලකුණ හැර වෙනත් ලකුණකින් හෝ වෙනත්…

පාර්ලිමේන්තු බලය පොහොට්ටුවට නොලැබුණොත් ගෝඨාභයත් මං වගේ වෙයි – හිටපු ජනාධිපති මෛත්‍රී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු බලය හිමි නොවුණහොත් රටේ අර්බුද ගණනාවක්ම ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.  “මීට මාස හය හමාරකට පෙර නව ජනාධිපතිවරයෙක් පත්කර ගත්තා රටේ ජනතාව, වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව ජනාධිපති හැටියට පත්කර ගත්තේ පොහොට්ටුව ලකුණින් පොදුජන පෙරමුණෙන්.  පාර්ලිමේන්තුවේ බලය වර්තමාන…

එජාප නායක රනිල් දිගටම ප්‍රහාරයේ ; හරීන් කපා නවීන් පත්කරයි

 එජාපයේ වතු කම්කරු සමිතිය වන  ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාත් ප්‍රධාන ලේකම් ලෙස ආර්. යෝගරාජ් මහතාත් පත්කර තිබේ. මීට පෙර ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස හරීන් ප්‍රනාන්දු මහතා ද ලේකම්වරයා ලෙස වඩිවේල් සුරේෂ් මහතා ද කටයුතු කළේ ය. ඒ දෙදෙනා ම එජාපයෙන් ඉවත්…

පෙරහැර කරන්න පුළුවන් ; බලන්න එන්න තහනම් – ආණ්ඩුවෙන් නිවේදනයක්

ආගමික ස්ථානවලින් පවත්වනු ලබන පෙරහැර සඳහා අවසර ලබාදෙන නමුත් පෙරහැර බැලීමට පැමිණීමට මහජනයාට අවසර ලබා නොදෙන බව රජය නිවේදනය කරයි. පෙරහැර පැවැත්විය යුත්තේ සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් හා නිරෝධායන නීතිවලට ගරු කරමින් බව ද එහි සඳහන් ය.

සජිත් පිලෙන් සටනට ආ හිටපු ආණ්ඩුකාර නිලුකා ඒකනායකත් ඉවත්වෙයි

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට නාම යෝජනා භාර දී සිටි මධ්‍යම පළාතේ සහ සබරගමුව පළාතේ හිටපු ආණ්ඩුකාර වරියක වන  නිලුකා ඒකනායක මහත්මිය තමා මැතිවරණ තරගයෙන් ඉවත්වන බව අද නිවේදනය කළා ය. මැතිවරණ තරගයෙන් ඉවත්වීමේ තම තීරණය මැතිවරණ කොමිසමට , සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ එහි…

පෙරටුගාමීන්ගේ උද්ඝෝෂණයට ඒ තරම් හයියෙන් ගැහුවේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ

ජුනි 9දා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට පවත්වන්නට උත්සාහ කළ උද්ඝෝෂණයට පොලිසිය විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන ලදී. පොලිසිය මෙම උද්ඝෝෂණයට එරෙහිව කල් තබා ම අධිකරණයෙන් වාරණයක් ලබාගෙන තිබිණි. එය භාවිතා කර උද්ඝෝෂකයන් ඉවත් කිරීමට පොලිසිය ක්‍රියා කළේ ඉතා කෘෘර ආකාරයට ය. එය පෙසප ක්‍රියාකාරිකයන් පවා විස්මයට පත් කළ බවක්…

අපි ණය දෙන්නැයි කිව්වාට ඔවුන් ණය දීලා නෑ. බැංකු නිලධාරීන් අස් කරන්න වෙනවා – ජනපති

ශ්‍රී ලංකා මහබැංකුවේ නිලධාරීන් සහ අනෙකුත් රාජ්‍ය බැංකු නිලධාරීන් රජයේ උපදෙස් අනුව ව්‍යාපාරිකයින්ට ණය සැපයීමට ක්‍රියා නොකරන්නේ නම් ඔවුන්ව තනතුරුවලින් ඉවත්කර දැමීමට සිදුවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.  “මහබැංකුවෙන් ඉල්ලා සිටියා රී ෆයිනෑන්ස් පහසුකමක් බිලියන 150ක්වත් දෙන්න කියලා. මොකද අපි බිලියන 50ක් දීලා තිබෙනවා, නමුත් ඊයෙත් කිව්වා ඒක බිලියන 150 දක්වා වැඩි කරන්නත්…