එජාප නායක රනිල් දිගටම ප්‍රහාරයේ ; හරීන් කපා නවීන් පත්කරයි

එජාපයේ වතු කම්කරු සමිතිය වන ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාත් ප්‍රධාන ලේකම් ලෙස ආර්. යෝගරාජ් මහතාත් පත්කර තිබේ.
මීට පෙර ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස හරීන් ප්‍රනාන්දු මහතා ද ලේකම්වරයා ලෙස වඩිවේල් සුරේෂ් මහතා ද කටයුතු කළේ ය. ඒ දෙදෙනා ම එජාපයෙන් ඉවත් වී සමගි ජාතික බලවේගයෙන් මහ මැතිවරණයට නාම යෝජනා දී ඇති බැවින් පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කොට ඇත . අලුති පත්කිරීම් සිදුකොට ඇත්තේ එම පුරප්පාඩු සඳහාය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා විසින් අද(12) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී එම පත් කිරීම සිදු කරනු ලැබීය.
වතු කම්කරු ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා තමා කැප වන බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස පත් වීමෙන් අනතුරුව නවීන් දිසානායක මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ ය.
