සජිත් පිලේ මැතිවරණ සටනට මලික් සමරවික්‍රමත් බැහැ කියයි

සජිත් පිලේ මැතිවරණ සටනේ ඇතිවී තිබෙන පසුබැසීම් මග හැරීමට හා අභ්‍යන්තර ප්‍රශ්න විසදීමට මැදිහත්වන්නැයි සමගි ජන බලවේගයේ පිරිසක් කළ ඉල්ලීමක් හිටපු ඇමති මලික් සමරවික්‍රම මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කිට්ටුවන්තයකු ලෙස කලක් කටයුතු කළ මලික් සමරවික්‍රම මහතා ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට විශාල කාර්යභාරයක් ඉටුකළේ ය. එසේ වුව ද අපේක්ෂකත්වය ලබාගත් පසුව සජිත් හා ඔහුගේ පිරිස කටයුතු කළ අකාරය ගැන සමරවික්‍රම මහතා නොසතුටින් සිටි බව කියති.

මැතිවරණ සටනට මුදල් සපයාදීමට සමරවික්‍රම මහතා විශාල වැඩ කොටසක් කළ ද එලෙස සපයාදුන් මුදල් මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී අස්ථාන ගත වූ බවට චෝදනා  එල්ල වීය.

මෙම කරුණු මෙන්ම වෙනතත් හේතු ගණනාවක් නිසා මෙවර මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් හෝ ඉදිරිපත් වීම ද සමරවික්‍රම මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

සජිත්ගේ පවුලේ උදවිය හා පැරණි හිතවතුන් විසින් සජිත්ව හැම අතකින්ම මෙහෙය වීම ගැන මලික් සමරවික්‍රම මහතා කලකිරීමෙන් සිටින බව කියති.

සජිත් පිලේ දැන් ඇති වී තිබෙන ගැටුම් නිරාකරණය කර ගැනීමට මැදිහත් වෙන්නයි පිරිසක් සමරවික්‍රම මහතාගෙන් ඉල්ලා ඇත්තේ මෙම පසුබුම යටතේමය.

කෙසේ වෙතත් මලික් සමරවික්‍රම මහතා පවසා ඇත්තේ කිසිදු කටයුත්තකට සහභාගීවීමට තමන් සුදානම් නැති බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *