21 සංශෝධනය ගැන අගමැතිගේ විශේෂ ප්‍රකාශයක් අද සවස

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත ය. දැනට ඉදිරිපත් කොට ඇති ව්‍යවස්ථා සංශෝධනය සහ විවිධ පක්ෂවල අදහස් ලබා ගැනීමේත් ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග එමගින් පැහැදිලි කරනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. එම විශේෂ ප්‍රකාශය අද පස්වරු 6.45 ට සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

ලිට්‍රෝ ගෑස් ” අද නොවේ හෙට ” ; කඩාකප්පල්කාරී ක්‍රියාවක් ?

  ශ්‍රී ලංකාවට අද හෙට ලැබෙන බව සතියක් තිස්සේ කියමින් සිටින ගෑස් නැව් දෙකෙන් එකක් වත් තවමත් පැමිණ නැති අතර අද එන බව කී නැව එන්නේ හෙට බව ලිට්‍රෝ සමාගම අද ප්‍රකාශ කළේය. පසුගිය සඳුදා ලැබෙන බව කී නැව් දෙක සඳහා මුදල් ගෙවන ලද්දේ 23 දා , සඳුදා ය. රටේ උග්‍ර ගෑස් හිගයක් තිබිය දී…

21 ට එරෙහි බැසිල්ගේ පොහොට්ටු රැස්වීමට මන්ත්‍රීවරුන් 21 යි

  ජනාධිපති බලය අඩු කෙරෙන සහ ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධුර තහනම් කිරීමේ ප්‍රතිපාදන ඇතුළත් යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීම ගැන සාකච්ඡා කිරීමට බැසිල් රාජපක්ෂ  මහතාගේ මෙහෙයවීමෙන් පසුගිය දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ කැඳවා තිබු රැස්වීමට සහභාගී වුයේ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකු පමණක් බව වාර්තා වෙයි. යෝජිත පනත මගින් ජනාධිපති බලය…

21 සංශෝධනයට විරුද්ධ වුණොත් ගමට යන්න බැරි වෙයි – ඕමල්පේ සෝභිත නාහිමි

විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුමැතිය ලබා නොදුනහොත් ඔවුන්ට ජනතාවගෙන් දරුණු ප්‍රතික්‍රියා විඳීමට සිදුවනු ඇතැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවැසූහ. එවැනි දේවල් කර කිසිවෙකුටත් ගමට යෑමට හැකිවෙතැයි තමා විශ්වාස නොකරන බවද උන්වහන්සේ සඳහන් කළහ. දේශපාලන ස්ථාවරත්වයක් ඇති වීමටනම් වංචනිකත්වයට මග පෑදුණු විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවත් ඊට ඇති ප්‍රධාන විසඳුම විසි එක් වෙනි…

21 ඉක්මනින් සම්මත කරන්න පක්ෂ නායකයෝ එකඟ වෙති

  21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැකි ඉක්මනින් සම්මත කළ යුතු බවට සර්ව පාක්ෂික නායකයින් පොදු එකඟතාවකට පැමිණි බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි. 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන පක්ෂ නායක රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ  ප්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය දී පැවැත්වුණු අතර එහිදී මෙම එකඟතාවයට පැමිණ…

මාස දෙකකට පසු සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි ඇරඹෙයි

    හෙට දිනයේ මෙරටට බොරතෙල් ගොඩබෑම සිදුකිරීමත් සමඟ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩකටයුතු මාස දෙකකට පසු යළි ඇරඹීමට නියමිතව ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩකටයුතු යළි ඇරඹෙන්නේ පසුගිය මාර්තු 20 වනදායින් පසුවය. බොරතෙල් ලබා ගැනීමට මුදල් සොයාගත නොහැකි…

විමල් වීරවංශගේ බිරිඳ ශෂි වීරවංශට වසර දෙකක සිරදඩුවමක්

  අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරද කාරිය වූ ,හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂි විරවංශ මහත්මියට අධිකරණය විසින් වසර දෙකක සිර දඩුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක් අද නියම කළේය. ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක්…

බැසිල්ගේ ඉරණම තීන්දුවන පක්ෂ නායක හමුව අගමැති ප්‍රධානත්වයෙන් අද සවස

  ජනාධිපති බලය සීමා කෙරෙන සහ ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධුර දැරීම වලක්වන 21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීමේ පක්ෂ නායක රැස්වීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 3,30 ට පැවැත්වීමට නියමිත ය. මෙම සංශෝධනයේ කෙටුම්පත සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට පක්ෂවල අදහස් විමසීම සඳහා පක්ෂ නායකයින් වෙත යොමු කරනු ලැබී…

ඇමතිකම් ගත අයට ශ්‍රීලනිපයෙන් සමාව !

    පක්ෂ තීරණයට පටහැනිව ඇමති ධුර භාරගත් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමටවීර මහත්වරුන්ට එරෙහිව විනය පියවර ගැනීමේ කිසිදු යෝජනාවක් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් වී නැති අතර ඊයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමට එම ඇමතිවරු දෙදෙනා ම සහභාගී වී සිටියහ. පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළේය….

අයි එම් එෆ් කොන්දේසියකට රනිල් බැහැ කියයි

    ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආධාර ලබාගැනීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුල්‍ය අරමුදල අතර ඊයේ පැවති පළමු සාකච්ඡාවේ දී ඔවුන් ඉදරිපත් කළ කොන්දේසියක් ඉටුකළ නොහැකි බව වික්‍රමසිංහ මහතා පවසා ඇත. වසර 2025 වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ගිණුමේ සියයට දෙකක් ඉක්මවා ගිය අතිරික්තයක් පවත්වා ගත යුතු බවට මුල්‍ය අරමුදල…

සහන අය වැයෙන් පඩිය වැඩි වෙයි

  ජීවන වියදම වැඩි වීමට මුහුණ දීම සඳහා සහන අය වැයෙන්  රජයේ සේවකයින්ගේ මාසික වැටුප වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ගෙන ඇත්තේ දිනෙන් දින වැඩිවන ජීවන වියදමට මුහුණ දීම සඳහා රජයේ සේවකයන්ට ශක්තියක් දීම සඳහා ය. 2015 වසරේ දී යහපාලන රජය…

විමල්ලාගෙන් නව සන්ධානයක්

  නව දේශපාලන සන්ධානයක් නුදුරේදීම පිහිටුවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ දේශපාලන පක්ෂවල පූර්ණ එකඟතාවෙන් එම සන්ධානය වෙනුවෙන්  නායකයකු  තෝරා පත්කර ගන්නා බවද ඔහු සඳහන් කළේය. (සුජිත් හේවාජුලිගේ ) ලංකාදීප