අයි එම් එෆ් කොන්දේසියකට රනිල් බැහැ කියයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආධාර ලබාගැනීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුල්‍ය අරමුදල අතර ඊයේ පැවති පළමු සාකච්ඡාවේ දී ඔවුන් ඉදරිපත් කළ කොන්දේසියක් ඉටුකළ නොහැකි බව වික්‍රමසිංහ මහතා පවසා ඇත.
වසර 2025 වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ගිණුමේ සියයට දෙකක් ඉක්මවා ගිය අතිරික්තයක් පවත්වා ගත යුතු බවට මුල්‍ය අරමුදල සිය ආධාර ලබාදීමේ කොන්දේසියක් ලෙස ඉදිරිපත් කොට ඇති අතර එය ඉටු කිරීම දුෂ්කර වනු ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.
කෙසේ වෙතත්, එම වසරේ ප්‍රථමික ගිණුමේ සියයට එකක අතිරික්තයක් පවත්වා ගත හැකි වනු ඇතැයි වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
දැනට සිදු වී ඇති ආර්ථික පසුබෑමෙන් 2023 වසරේ දී ද සැලකිය යුතු යහපත් තත්ත්වයක් බලාපොරොත්තු නොවිය හැකි නිසා 2025 වසර වන විටත්, එතරම් ඉහළ ඉලක්කයකට යා නොහැකිය යන්න ශ්‍රී ලංකාවේ මුදල් ඇමති ද වන අගමැති තුමාගේ මතය වී තිබේ.
අධ්‍යාපනය සහ සෞඛ්‍යය හැර අනෙක් සියලු අංශවල රජයේ වියදම් කපා හරින බවත්, එයින් ඉතිරි වන මුදල් සමාජ සුබ සාධනයට යොදවන බවත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට තිබේ.
