ඇමතිකම් ගත අයට ශ්‍රීලනිපයෙන් සමාව !

පක්ෂ තීරණයට පටහැනිව ඇමති ධුර භාරගත් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමටවීර මහත්වරුන්ට එරෙහිව විනය පියවර ගැනීමේ කිසිදු යෝජනාවක් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් වී නැති අතර ඊයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමට එම ඇමතිවරු දෙදෙනා ම සහභාගී වී සිටියහ.
පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළේය.
එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේ තවත් ය යනවා ද කියා සතියක් දෙකක් බලා සිටින බව යි.
පක්ෂයේ තවත් කිහිප දෙනෙකුට රාජ්‍ය ඇමති ධුර හිමිවන බව මහින්ද අමරවීර ඇමතිවරයා ප්‍රකාශ කොට තිබේ.
