බැසිල්ගේ ඉරණම තීන්දුවන පක්ෂ නායක හමුව අගමැති ප්‍රධානත්වයෙන් අද සවස

 

ජනාධිපති බලය සීමා කෙරෙන සහ ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධුර දැරීම වලක්වන 21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීමේ පක්ෂ නායක රැස්වීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 3,30 ට පැවැත්වීමට නියමිත ය.

මෙම සංශෝධනයේ කෙටුම්පත සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට පක්ෂවල අදහස් විමසීම සඳහා පක්ෂ නායකයින් වෙත යොමු කරනු ලැබී ය.

පක්ෂ නායකයින්ගේ නිරීක්ෂණ සහ සංශෝධන සම්බන්ධයෙන් අද සාකච්ඡා කොට තීරණ ගැනීමට නියමිත ය.

මෙම සංශෝධනයේ යෝජිත පරිදි ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධුර දැරීම තහනම් වුවහොත් බැසිල් රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී ධුරය අවසන් වනු ඇත.

එම සංශෝධනය වළක්වා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරියක් දැඩි පරිශ්‍රමයක් දරන බව වාර්තා වෙයි.

ආණ්ඩුවෙන් ඉවත්වූ කණ්ඩායම් හා පක්ෂ කියන්නේ එම සංශෝධනය අත්‍යවශ්‍ය බව යි.

මේ තත්ත්වය යටතේ අද සවස පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම ගැටුම්කාරී වනු ඇති බව  අපේක්ෂා කෙරෙයි.

 

කාටුනය – DAILYMIRROR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *