විමල් වීරවංශගේ බිරිඳ ශෂි වීරවංශට වසර දෙකක සිරදඩුවමක්

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරද කාරිය වූ ,හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂි විරවංශ මහත්මියට අධිකරණය විසින් වසර දෙකක සිර දඩුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක් අද නියම කළේය.
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් යහපාලන රජය සමයේ ශෂී වීරවංශ මහත්මියට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.
කොළඹ පූර්වගාමී ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද ( 27) මෙම නියෝගය ලබා දී තිබේ.
