හිටපු ඇමති ජොන්ස්ටන් අත් අඩංගුවට !

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත් අඩංගුවට ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ. මැයි 9 දා ගෝටා ගෝ ගමට සහ මයිනා ගෝ ගමට එල්ල කළ මැර ප්‍රහාර සම්බන්ධයෙන් ඒ මහතා අත් අඩංගුවට ගෙන අධිකරණය ඉදිරියට පැමිණවීමට නියමිත ය. එදින මැර ප්‍රහාර මෙහෙය වූ ප්‍රධානියකු ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හඳුනාගනු ලැබ ඇත.

බද්ද වැඩිවෙන හැටි

  එකතු කළ අගය මත බද්ද සියයට 8 සිට සියයට 12 දක්වා වැඩි කිරීමට රජය යෝජනා කර තිබේ. කඩිනමින් සහ ආසන්න කාලීනව හඳුන්වා දීමට යෝජිත බදු සංශෝධන පිළිබඳව නිවේදනය කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ විදුලි සංදේශ බද්ද සියයට 11.25 සිට 15% දක්වා වැඩි කිරීමට යෝජනා කරන බවයි. ලබන ඔක්තෝම්බර් පළවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බදු යෝජනා…

දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි සී.අයි.ඩීයට නියෝග

  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට ගත් තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) අතුරු නියෝගයක් නිකුත් කළේය. ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට නියම කරමින්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ද නිකුත් විණී. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ විදෙස් ගමන් තහනම් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ…

ජනාධිපති ගෝටාභය ධනපතියන්ට දුන් බදු සහන අගමැති රනිල් රිවස් කරයි

  ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා බලයට පත් වී 2019 දෙසැම්බර් මාසයේ මෙරට ව්‍යාපාරිකයින්ට සහ මැද පාන්තිකයන්ට දුන් බදු සහන නවතා පැරණි බදු නැවත පැනවීමට අගමැති, මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් කැබිනට මණ්ඩලය ඊයේ අනුමත කොට ඇත. එම බදු 2019 දී තිබු මට්ටමට ඉහළ දැමීමට ඒ අනුව තීරණය වී තිබේ. මේ සඳහා දේශීය…

දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ටාධිකරණයෙන් අත්හිටුවයි

  භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් සිරගතව සිටි දුමින්ද සිල්වා මහතාට දී තිබු ජනාධිපති සමාව අත්හිටුවීමේ නියෝගයක් ශ්‍රේෂ්ටාධිකරණය අද නිකුත් කළේය. එම ජනාධිපති සමාවට එරෙහි පෙත්සමක් විභාගයට ගනිමින් ශ්‍රේෂ්ටාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කොට ඇත.

අගමැතිකමට රනිල් නුසුදුසු නම් ඉවත්කරන්න: කකුලෙන් අදින්න එපා ! – මහාචාර්ය රොහාන් සමරජීව

අගමැතිකම භාර ගැනීමෙන් රනිල් වික්‍රමසිංහ මහතා කළේ, කවුරුත් භාරගැනීමට එඩිතර නොවන බැරෑරුම් වගකීමකට කර දීමක් බවත්, ඔහු එම තනතුර දැරීමට නුසුදුසු යැයි කවුරුන් හෝ හිතනවා නම් පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කොට ඔහු ඉවත් කළ හැකි බවත්, එසේ නොකර ඔහුගේ කකුලෙන් ඇදීමේ ක්‍රියා නොකළ යුතු බවත්, මහාචාර්ය රොහාන් සමරජීව මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේ සාමාන්‍ය වැඩි…

පොහොට්ටුවේ බැසිල් පිල 30 කට අඩුවෙයි

  ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධුර දැරීම තහනම් කරන 21 සංශෝධනයේ විධිවිධානවලට එරෙහි වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ මන්ත්‍රීධුරය ආරක්ෂා කර දිය යුතු බවට ප්‍රකාශ කරමින් ක්‍රියාත්මක වන පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම තිස් දෙනෙකුට වඩා අඩු වී ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි. මේ මොහොතේ පවතින දේශපාලන තත්ත්වය තුළ එලෙස බැසිල්…

21 සංශෝධනය ගේන්නේ මගේ අනුමැතිය ඇතිවයි – ජනාධිපති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට කියයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ තමන්ගේ අනුමැතිය ඇතිව බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම අමතා ප්‍රකාශ කොට ඇත. ජනාධිපති බලතල අඩු කරන 21 වැනි සංශෝධනයට විරුද්ධ බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අදහස් දැක්වීමට පිළිතුරු ලෙස ජනාධිපතිතුමා මෙම ප්‍රකාශය කොට තිබේ. තමන් සංශෝධනයට විරුද්ධ වන බව හිටපු ඇමති…

ගෝඨාට පළියට අපිත් නැසෙමුද? – තිසරණී ගුණසේකර

    නිරුවත් මිනිසකු විනාස වුණු කඩපිළක වාඩිවී සිටී. ඔහු වටා පොලු මුගුරු ගත් කිහිපදෙනෙකි. ඒ හුදෙකලා මිනිසාගේත් ඔහු වටා සිටින අවි ගත්තවුන්ගේත් ඉරියව්වලින් කතාවේ ඉතිරි ටික අපට සිතාගත හැක. 83 කළු ජූලියේ ම්ලේච්ඡ හා හද කකියවන සැබෑව පිළිබිඹු කළ ඒ රූපය සමාජ ප්‍රචණ්ඩත්වයට දොර විවර කිරීමේ ආදිනව සිහිගන්වන මතක වස්තුවකි. 2022 මැයි මස 9…

ආණ්ඩුව හදන්න අපි බලා හිටියා ; අපිට නොදී රනිල්ට දුන්නා – ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

  මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් වූ පසු ආණ්ඩුව භාර ගැනීමට තම පක්ෂය සුදානම්ව සිටිය ද තමන්ට එය භාර නොදී රනිල්ට දුන් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද ජන හමුවක දී ප්‍රකාශ කොට තිබේ. තමන්ට ආණ්ඩුව දුන්නා නම් තම මන්ත්‍රීවරු තිදෙනාට අමතරව අඩුවෙන් හොරකම් කළ දහ දෙනෙකු පමණ පාර්ලිමේන්තුවෙන් සොයාගෙන…

පක්ෂ නායකයින්ගේ ජාතික විධායක සභාවක් ; අධීක්ෂණ කමිටු 15 ක් ; පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට අගමැතිගෙන් යෝජනා මාලාවක්

    පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගෙන් සමන්විත ජාතික විධායක සභාවක්, පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කමිටු 15 ක් මගින් සියලු විෂයන් සම්බන්ධ යෝජනා ලබාගැනීම, නව මුදල් නීති හඳුන්වාදීම ඇතුළු පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ යෝජනා ගණනාවක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද ජාතිය අමතමින් ඉදිරිපත් කළේය. යෝජිත ජාතික කමිටුවලට තරුණ නියෝජිතයින් හතර දෙනෙකු බැගින් පිටතින් පත් කිරීමටත් එම පත්කරන ක්‍රමවේදය තීරණය කිරීමට…

පුනර්ජනනීය විදුලියට ලංවිමයෙන් කෝටි 2300 පොල්ලක්

  පෞද්ගලික අංශයේ පුනර්ජනනීය විදුලි බලාගාරවලින් ලබාගත් විදුලිය වෙනුවෙන් ගෙවීමට නියමිත රුපියල් කෝටි 2300කට අධික මුදලක් ලංකා විදුලිබල මණ්ඩලය මාස අටක් තිස්සේ ගෙවීම් පාහැර හැර ඇතැයි ද එබැවින් මෙගාවොට් 1200 ක් බලාගාර වැසීයන තත්ත්වයක් උද්ගතව ඇතැයි ද වාර්තා වෙයි. කුඩා ජල විදුලිබලාගාර, සූර්යතාප (සෝලා) බලාගාර සහ සුළං බලාගාරවලින් ජනනය කර ජාතික විදුලිය පද්ධතියට ලබාදෙන විදුලිය…