ජනාධිපති ගෝටාභය ධනපතියන්ට දුන් බදු සහන අගමැති රනිල් රිවස් කරයි

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා බලයට පත් වී 2019 දෙසැම්බර් මාසයේ මෙරට ව්‍යාපාරිකයින්ට සහ මැද පාන්තිකයන්ට දුන් බදු සහන නවතා පැරණි බදු නැවත පැනවීමට අගමැති, මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් කැබිනට මණ්ඩලය ඊයේ අනුමත කොට ඇත.
එම බදු 2019 දී තිබු මට්ටමට ඉහළ දැමීමට ඒ අනුව තීරණය වී තිබේ.
මේ සඳහා දේශීය ආදායම් පනත, වැට් බදු පනත ඇතුළු පනත් හයක් සංශෝධනය කිරීමට ද තීරණය කොට ඇත.
මෙය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමති ලෙස ඉදිරිපත් කළ පළමු කැබිනට පත්‍රිකාව වෙයි.
මෙම බදු සහන අවලංගු කිරීම ජනාධිපති ගෝටාභය යටතේ වූ කැබිනට් මණ්ඩලයක අගමැති සහ මුදල් ඇමති ලෙස සිදු කිරීම ද විශේෂත්වයකි.
