21 සංශෝධනය ගේන්නේ මගේ අනුමැතිය ඇතිවයි – ජනාධිපති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට කියයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ තමන්ගේ අනුමැතිය ඇතිව බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම අමතා ප්‍රකාශ කොට ඇත.
ජනාධිපති බලතල අඩු කරන 21 වැනි සංශෝධනයට විරුද්ධ බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අදහස් දැක්වීමට පිළිතුරු ලෙස ජනාධිපතිතුමා මෙම ප්‍රකාශය කොට තිබේ. තමන් සංශෝධනයට විරුද්ධ වන බව හිටපු ඇමති සරත් වීරසේකර මහතා ප්‍රකාශ කොට ඇත.
කෙසේ වෙතත්, මන්ත්‍රී කණ්ඩායමේ වැඩි පිරිසක් කිසිවක ප්‍රකාශ නොකොට සවන් දී සිටියහ.
එහි දී ජනාධිපතිතුමා වැඩි දුරටත් ප්‍රකාශ කොට ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීම තමන් ජීවිතයේ ගත් අමාරුම තීරණය බව සහ කෙසේ වෙතත්, රට වෙනුවෙන් ගැනීමට සිදුවන තීරණ ගැනීමට පසුබට නොවන බවත් ය.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කළේ ඔහු කෙරෙහි විශ්වාසය ඇති නිසා බවත්, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ද එම විහ්වාසය තබනු ඇති බවත්, ජනාධිපතිතුමා වැඩි දුරටත් පවසා ඇත.
මෙම රැස්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, මනුෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දු ඇමතිවරු ඇතුළු ඇමති මණ්ඩලයේ සාමාජිකයෝ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද එක්ව සිටියහ.
